ජවිපෙට සල්ලි ලැබුණේ කෙසේද යන්න හෙළිකළ යුතුයි - සෝමවංශ අමරසිංහ
පසුගිය මැතිවරණයේදී ජවිපෙ විශාල මුදලක් වියදම් කළත් ඒ මුදල් පක්‌ෂයට ලැබුණු ආකාරය මේ දක්‌වා අභිරහසක් බැවින් එම මුදල් පක්‌ෂයට ලැබුණු ආකාරය හෙළි කරන්නැයි ජනතා සේවක පක්‌ෂයේ ප්‍රධාන ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ඉල්ලා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් බලාපොරොත්තුවෙන් සිටි තිස්ස අත්තනායක මහතා එම බලාපොරොත්තු සුන් වීමෙන් පසුව තමාට ප්‍රභූවරයකු සේ සලකා නිකුත් කර තිබු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අද දින ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දි එය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් බවට වෙනස් කරගෙන තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය නිකුත් කළ නිවේදනය
බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් මා නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පක්‍ෂ නායකත්වය වෙත ආයාචනයක් කිරීම සඳහා හෙට දවසේ (25) එක්රැස්වීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබී ඇත.
මෙවර විදේශ අමාත්‍ය තනතුර මංගල සමරවීර මහතාගෙන් ගැලවී යනු ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පැවැතියද අවසානයේදී එම තනතුර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපදෙස් මත එම තනතුරට වඩා සුදුස්සා සමරවීර මහතා වූ බැවින් ඔහුවම ඒ සඳහා පත් කිරීම සිදුවිය.එමෙන්ම රාජ්‍යය වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම යෙදී තිබුණු බැවින් විදේශ අමාත්‍යධුරය වහා පිරැවීමට සිදුව තිබිණි.
රාජපක්ෂවරු ළඟ ඩොලර් බිලියන 1.5ක මුදල් සංචිතයක්, ඒත් පරීක්ෂණ යට ගැසෙන ලකුණු
පසුගිය රාජපක්ෂ පාලනය තුලදි එම පවුල්ලේ සාමාජිකයන් විසින් අයතා ලෙස උපයා ගත් බිලියන් ගනනින් වන මහා ධනස්කන්ධයෙන් අමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු හෙළිදරව් වී පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. (මේ මුදල රුපියල් කෝටි විසිදහසකට වැඩි මුදලකි.)
එක්නැළිගොඩ අතුරුදන් කිරීම: හමුදාවේ තව 4ක් අත් අඩංගුවට !
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට අද දින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංක යුධ හමුදාවේ ලුතිනන් කර්නල්වරු දෙදෙනකු , මාණ්ඩලික සැරයන්වරයකු හා කොප්‍රල්වරයකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකරිකයන් දෙදෙනකුව සිටි සිසිත ප්‍රියංකර හා ජනක බණ්ඩාර යන සිසුන් දෙදෙනගේ මරණය සම්බන්ධයෙ පවතින සැකය නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට එම ශිෂ්‍ය සංගමය කටයුතු යෝදා තිබේ.
අද දින සවස එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමටද එම සංගමය බලාපොරොත්තු වේ
ලැයිස්‌තුවෙන් මා නම් කළේ සුසිල් සමඟ අත්සන් කළ ගිවිසුමට අනුවයි - හිස්‌බුල්ලා
මනාපවලින් පරාජය වුවද තමන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලි මේන්තුවට නම් කළේ එජනිස ලේකම්ව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ අත්සන් කළ ගිවිසුමක් අනුව බව එම්.එල්.ඒ.එම්. හිස්‌බුල්ලා මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.