හෙට සිට තහනම් වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන

Published in පුවත්
Tuesday, 30 March 2021 10:29

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා හෙට (31) දිනයේ සිට නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ හෙට (31) දිනයේ සිට අදාළ නිෂ්පාදන මෙරට භාවිතය තහනම් වන බවයි.

ඒ අනුව එම නිෂ්පාදන නම් ,එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බව ද අවධාරණය කර ඇති අමාත්‍යවරයා එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අවධාරණය කර ඇත.

එම සමාගම් මුළුමනින්ම දේශීය සමාගම් වන අතර ඇතැම් කර්මාන්තකරුවන් විසින් එම තහනම පැනවෙන බව දැන සිටියත් නව උපකරණ පවා ආනයනය කර සවිකර ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

කෙසේ වුවද එසේ කරන ලද එක් සමාගමක අලුතින් ‍ගෙන්වන ලද උපකරණ නැවතත් ආනයනය කළ රටට ම යැවීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේවෙතත් මේ වන විට මෙරටට ආනයනය කර ඇති අමුද්‍රව්‍යවලින් දැනට නිපදවා ඇති ද්‍රව්‍ය පමණක් අලෙවි කර ගැනීමට සීමිත සහන කාලයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට අදාළ ගැසට් පත්‍රය ද මේ වනවිට නිකුත් කර ඇති බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us