පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොග මේ සතිය තුළම ප්‍රතිඅපනයනයට

Published in පුවත්
Tuesday, 30 March 2021 10:47

පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොග මේ සතිය තුළම ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන ලෙසට අදාල සමාගම්වලට දැනුම් දුන් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ප්‍රකශ කර තිබේ.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැනුම් දුන් නියෝගයක් අනුව රේගු අධ්‍යක්ෂවරයා මෙම පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.

දෙවරක් සිදුකළ නියැදි පරික්ෂාවෙන් පසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රෙගුවට දැන්වීමෙන් අනතුරුව එම සමාගම්වලට පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන ලෙසට දැනුම් දුන් බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

පොල්තෙල් අඩංගු බහාලුම් වෙනස් ස්ථානවලට නොයවා රේගුව සතු ස්ථානවලම තබා ගන්නා බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.

එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

-පංචාලි අබේසේකර

bandula gunawardhana

Last modified on Tuesday, 30 March 2021 10:51

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us