පළාත් සභා කල් යයිද ?

Published in පුවත්
Tuesday, 30 March 2021 10:57

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්දැමීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වා ඇති අතර එහිදී එම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් වන නව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

එම පනතට අනුව සියයට 70 ක් කොට්ඨාස ක්‍රමයටත් සියයට 30ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකර තිබේ.

කෙසේවෙතත් එක් කොට්ඨාසයකින් එකම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සිය විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසය.

එතෙක් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us