බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත නියාමන රාමුව නිල වශයෙන් භාර දෙයි

Published in පුවත්
Tuesday, 30 March 2021 11:41

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන් භාර දීම පස්වරුවේ වෙළඳ අමාත්‍යංශ පරිශ්‍රයෙදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුවිය.

ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය, ජයන්ත සමරවීරට මෙන්ම වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. සී. ජයලාල්ට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිටට නියාමන රාමුව නිල වශයෙන් භාරදීම වෙළඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන විසින් සිදුකරන ලදි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ගුණවර්ධන කියා සිටියේ රටේ අපනයන ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන විවිධාංගීකරණය, වෙළඳපල විවිධාංගීකරණය සහ නව්‍ය නිෂ්පාදන හඳුන්වාදීම මත උපාය මාර්ගය අනුගමනය කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන අතර එමඟින් බෝට්ටු කර්මාන්තය වැනි නැගී එන අංශයක් ඉහළ මට්ටමකට ගෙනයා හැකි බවයි.

මේ අතර, මෙම කර්මාන්තය පිළිබඳව කිසිවෙකු අවධානය යොමු නොකරන අවස්ථාවක බෝට්ටු ගොඩනැඟීමේ කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික රාමුවක් සකස් කිරීම පිළිබඳව බෝට්ටු හා නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට සිය කෘතවේදීතාව පලකරන ලදි.

-පංචාලි අබේසේකර

bandu1bandu 2bandu 3

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us