පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂව යළිත් අගමැතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති සිරිසේන සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ.

අද පාර්ලිමේන්තුව හමුවේ දෙවැනිවරටත් හොර අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නද. එම අවස්ථාවේ රූපමය දර්ශන හා එම තොරතුර විකාශය නොකරණ ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතන ගනනාවකට රාජපක්ෂ කල්ලියේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියනු ලබන නිලධාරියකු හරහා දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව එම මාධ්‍ය ආයතන ආරංචි මාර්ග පවසයි.

පොලොන්නරුවේ සිරිසේන ගමයාගේත් මැදමුලන රාජපක්ෂ බයියාගේත් චණ්ඩිකම් වලට එදිරිව නොසැලී නොබියව මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි කතානායක කරූ ජයසූරියගේ ක්‍රියා කලාපය ප්‍රජතන්ත්‍රවාදී යහපාලනය විශ්වාසකරන සියලු ජනතාවගේ නොමද පැසසුමට ලක් විය යුතුව තිබේ.

ජනාධිපතිවරයගේ ඉල්ලීම පරිදි, පසුගියදා ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ අංක 1 යොජනාව ඉවත් කර අද දින ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යොජනාවද බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක වරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති සිරිසෙන විසින් ඊයේ රාත්‍රියේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කළ විශ්වාසභංගය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙසය . මෙහිදී ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ගත් ව්‍යවස්ථා විරෝධී පියවර සම්බන්ධයෙන් වන අංක 01 වගන්තියයි.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමේ හැකියාවක් ඊයේ සම්මත වූ විශ්වාසභංග යෝජනවේ අඩංගු බැවින් එය සංශෝධනය කර හෙට දිනයේදි යළිත් සම්මත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා එජාපය ප්‍රමුඛ පක්ෂ නායකයන්ට දැන්ම් දි තිබේ.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ නොදී එය දිගින් දිගටම කඩාකප්පල් කිරීම සිරිසේන ජනාධිපතිවරයාගේ අනුදැණුම මත සිදු කරන්නක් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහුගේ දේශපාලන උපදේශයන් දෙදෙනා ලබා දී තිබෙන උපදේසය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙන තෙක් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතු බවය.

වත්මන් දේශපාලන අර්බුධයේ නිර්මාණය කළ උමතු පාලකයකු වන සිරිසේන ජනාධිපතිවරයාව ඉවත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයක අවශ්‍යතාවය දැඩිව මතුව තිබේ. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us