අධිකරණ නියෝග නොතකා දංකොටුවෙන් හමුවූ තෙල් බවුසර් රේගුවට දීම සම්බන්ධයෙන් විමර්ශන !

Published in පුවත්
Monday, 05 April 2021 09:56

අධිකරණ නියෝග නොතකමින් දංකොටු ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ඒ අදාළ නඩුව මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (31) පස්වරුවේ කැඳවු අවස්ථාවේදී ය.

පිළිකා කාරක අන්තර්ගත බවට සැක කරන පොල්තෙල් අඩංගු බවුසර් දෙකක් මාරවිල පොලීසිය මගින් සොයාගනු ලැබුවේ පසුගිය 29 වනදා රාත්‍රියේදී ය.

ඒ අනුව සිය භාරයටගත් පොල් තෙල් බවුසර් දෙක සම්බන්ධයෙන් පොලිසිය මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය මාරවිල පොලීසියට දැනුම් දී ඇත්තේ අදාළ බවුසර් දෙක අධිකරණ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසය.

නමුත් ඊයේ දිනයේදී අදාළ බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව රේගු දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබුණි.

ඊයේ පස්වරුවේ අදාළ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවු අවස්ථාවේ දී මාරවිල මහෙස්ත්‍රා රඛිත අබේසිංහ මහතා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ අදාළ තෙල් බවුසර් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගත්තේ ද යන්නය.

රස පරීක්ෂක වාර්තාවක් ලබා නොගත් බව අධිකරණයට දැන්වූ පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ බවුසර දෙක රේගුවට භාරදුන් බව ප්‍රකාශ කළේය.

එහිදී, පොලීසිය අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න විමසූ මාරවිල මහෙස්ත්‍රාත්වරයා රේගුවට ආරක්ෂා කරගැනීමට නොහැකි වූ භාණ්ඩ යළිත් රේගුවට භාරදිම නිෂ්ඵල ක්‍රියාවක් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ බවුසර් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ප්‍රකාශයක් ලබාදෙන ලෙසද පොලීසියට නියෝග කරනු ලැබීය.

මේ පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාටද නියෝග කළ මාරවිල මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා එම වාර්තාව එළැඹෙන‍ 21 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us