දැනට පොලිස් ස්ථාන 494ක් රටෙහි ක්‍රියාත්මක වන අතර බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකිරීම සඳහා නව අදියරක් ලෙස මෙම පොලිස් ස්ථාන ආරම්භ කරීමට පියවර ගන්න බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කරන්නේ.
නව පොලිස් ස්ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ ඊයේ (04) මරදන්කර්නී සහ අයියන්කන්කුලම යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් ආරම්භ කළ අතර අයියන්කන්කුලම නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මේ බව සඳහන් කර තිබේ.
-පංචාලි අබේසේකර