ලයිසන් නැති හොර ගිණි අවියක් තමා පාවිච්චි කළ බව පාඨලී පිළිගනී. Featured

Published in පුවත්
Thursday, 01 April 2021 15:09

 පාඨලී චම්පික රණවක සතුව පැවැති හොර ගිණි අවියක් පිළිබඳ පුවතක් සම්බන්ධයෙන් ඔහු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි තැනක මෙසේ සඳහන් වේ."...2007 සිට 2019 දක්වා මා අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ අතර ගිණි අවිය සඳහා බලපත්‍ර ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර ඇත.ඒවාට ප්‍රතිචාර නොමැතිවීම නිසා ගිණි අවිය තලංගම පොලීසියට භාරදෙන ලදි.."

ඒ අනුව මෙම ගිනි අවිය වසර 12 ක පමණ කාලයක් මුළුල්ලේ ඔහු පාවිච්චි කර ඇත්තේ බලපත්‍රයක් රහිතව බව පිළිගෙන තිබෙන අතර මෙය පොලීසියට බාර දුන්නේ පසුගිය වසරේදීය. එනම් ආණ්ඩු බලය අහිමිවීම නිසා මෙම හොර ගිණි අවිය බාරදීමට කටයුතුකර ඇත. පාඨලී මෙම ගිණි අවිය හොර අවියක් නොවන බව කියන්නට යොදාගෙන ඇති තුරුම්පුව වන්නේ එය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි අවදියේදී තමාට නීත්‍යානුකූලව ලබාදුන්නක් බව කියමින් වුවත් තමා එම අවිය පාවිච්චි කළේ නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව බව වසංකිරීමට එය හේතුවක් වන්නේ නැත. මෙය හොර අවියක් බව දැන දැනම ඔහු පාවිච්චිකර ඇති බවත් ඔහුගේ මේ නිවේදනය අනුවත් පැහැදිලිය.මෙම ගිණි අවිය සඳහා බලපත්‍රයක් ඉල්ලුම් කර තිබුනේ 2019 වසරේ අගදීය.එනම් යහපාලය අවසන් වීමෙන් පසුය.

කොහොම නමුත් මෙම ගිණි අවිය පොලිසියට බාරදීමේදී ද නීතිය ප්‍රකාරව පොලීසිය කටයුතුකර තිබුණේ නැත. අනවසර ගිණි අවියක් එතුවක් කල් පාඨලී සන්තකයේ තිබීම ගැන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන විමර්ශනක් සිදු කළයුතුවූවත් එය සිදුවුයේ නැත. ඒ යහපාලන යුගයේදී පත්කළ හිතවත් නිළධාරීන් මඟින් එය යටපත් කිරීමට ඔහුට හැකිව තිබිණි. මේ සම්බන්ධයෙන් එල්ල වූ පැමිණිල්ලක් නිසා යළි පොලිසියට මේ පිළිබඳ විමර්ශනය කිරීමට සිදුව තිබිණි. දැන් පාඨලී කළඹල වී ඇත්තේ ඒ සම්බන්ධ පුවතටය. දැන් මෙතැන වැරදි රැසක් සිදුවද තිබේ.

මෙලෙසම තමා විසින් පදවාගෙන ගිය වාහනයේ යතුරුපැදිකරුවෙකු වැදී අනතුරකට පත් අවස්ථාවේදීද ඒ වරද තම රියැදුරා වෙත පටවා ඉන් ගැලවීමට ගත් උත්සාහයත් ඊට පොලිසියේ නිලධාරීන් වෙතින් සහය ලබාගැනීමත් පසුව අනාවරණය වී මේ වන විට ඒ සම්බන්ධයෙන් පාඨලී චෝදනා ලැබ එම නඩුවත් දැන් අධිකරණයෙහි විභාග වෙමින් ඇත.

 

පාඨලීගේ නිවේදනය පහතින් පළවේ.

~ අරුණ පුවත්පතේ අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු පැහැදිළි කිරීමයි ~

‘පාඨලී ළඟ වසර 10 ක් තිස්සේ හොර පිස්තෝලයක්’ යන ශීර්ෂ පාඨය යටතේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳවය.

2001 වසරේදී ‘සිහල උරුමය’ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ අවස්ථාවේදී පුද්ගලික ආරක්ෂාව සඳහා මා හට ගිණි අවියක් (0.38 රිවෝල්වරයක්) ලබාදෙන ලදි.
වසර 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් SEMA ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මා පත්කළ අතර 2006 වසරේදී යුධ ගැටුම් ආරම්භවීමත් සමඟ උතුරු හා නැගෙනහිර දෙපළාතේ සිවිල් ජනයාගේ ජලය, විදුලිය හා නිවාස පහසුකම් සැපයීම පිළිබඳව වූ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඒ දෙපළාතේ යුධ ගැටුම් සහිත ප්‍රදේශ වලට නිතර යෑමට සිදුවිය. ඒ අනුව නීත්‍යානුකූල ලෙස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව 2006 මාර්තු මස මාහට නව ගිණි අවියක් (9 මි.මි.) ලබාදෙන ලදි. එවිට මා සතුව තිබූ ගිණි අවිය නැවත භාරදීමෙන් පසු එය නිකුත් විය.

2007 සිට 2019 දක්වා මා අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ අතර ගිණි අවිය සඳහා බලපත්‍ර ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර ඇත.
ඒවාට ප්‍රතිචාර නොමැතිවීම නිසා ගිණි අවිය තලංගම පොලීසියට භාරදෙන ලදි.

මෙය හොර අවියක් නොව ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළ ජාතික ව්‍යාපාරයේ නායකයෙකු ලෙස මට එල්ලවූ තර්ජන ගැන සලකා නිකුත් කරන ලද්දකි.
ගිණි අවි දහස් ගණන් නීති විරෝධීව පුද්ගලික ව්‍යාපාර සඳහා යොදාගත් අය නිදොස්කොට නිදහස් කර ඇති තත්ත්වය තුළ, කඩාවැටෙනා ආණ්ඩුව විසින් දේශප්‍රේමී අය දඩයම් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස මා මෙය දකිමි.

මෙයින් කෙසේවත් ඇන්ටිජන් හොරුන්ට හෝ සීනි, පොල්තෙල් හොරුන්ට, වන සංහාරකයින්ට හෝ දූෂිත බැඳුම්කර ගණුදෙනුවෙන් උපයාගත් මුදලින් ගත් මුද්‍රණයන්ත්‍ර වලින් නිර්මාණය වන චරිත ඝාතනවලට හෝ දූෂිත පවුල්කාමයට එරෙහිව, මවිසින් ගෙනයන අරගලය නතර නොකරන බවත්, එය තවත් වේගවත් කරනා බවත් ජාතියට ලැදි සියල්ලන්ටම දැනුම් දෙමි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Last modified on Thursday, 01 April 2021 15:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us