පොල් තෙල් ප්‍රශ්නය විසදන්න තවත් මසක කාලයක් !

Published in පුවත්
Monday, 05 April 2021 09:22

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ දිනයේ අනාවරණය කර තිබේ.

ඔහු පවසන්නේ මෙලෙස මසක පමණ කාලයක් ගත වනුයේ එක් ආනයනකරුවෙක් මෙරටට රැගෙන ආ තෙල් නැවක් අලෙවි කිරීම කරන තුරු බලා සිටීමට සිදුවීමයි.

මේ පිලිබදව අදහස් පළකළ සභාපතිවරයා ,

‘‘මේ තීරණය ගත්තේ මීට මාස හතකට විතර කලින්. නමුත් අද වෙනකම් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇයි මේ තීරණය ක්‍රියාත්මක නොකරන්නේ? පහුගිය සතියක කාලය ඇතුළත එක් ආනයනකරුවෙක් තෙල් නැවක් ගෙනාවා. ඔය නැවේ තෙල් ටික විකුණලා ඉවර වෙනකම් මේ ගැසට් පත්‍රිකාව අල්ලාගෙන ඉන්නවා මේක ක්‍රියාත්මක කරන්නේ නැතුව.’’ යනුවෙන් සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පල කර ඇත,

‘‘පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමාට මම උපදෙස් දුන්නා පිරිපහදු කරන ලද තෙල් පමණක් ආනයනය කරන්න. ඒ අනුව ඊට අදාළ කෙටුම්පතත් ඉදිරිපත් කළා. ගැසට් නිවේදනයට පෙර අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. අවලංගු කිරීම නියත වශයෙන්ම සිදුවෙයි.’’

මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනයට අනුව අදාළ පොල් තෙල් මෙරටට ආනයනය කළ සමාගම් තුනක පුද්ගලයන් 5 දෙනකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අලි බ්‍රදර්ස්, කටාන පිරිපහදුව සහ එදිරිසිංහ පිරිපහදුව යන සමාගම් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්ෂණ ත්‍රිත්වයකදී තහවුරු වී තිබිණි.

අදාළ පොල් තෙල් තොග ප්‍රවාහනය කරන ලද බවුසර් දෙකක් දංකොටුව පොලිසිය ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම පොල් තෙල් බවුසර් දෙක මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝග නොතකමින් නැවත රේගුව වෙත රැගෙන යාම සම්බන්ධයෙන්ද පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් පැවැත්වෙන බව අනාවරණය වෙයි. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මෙම 21 වැනි දින අධිකරණයට ලබාදෙන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් රඛිත අබේවික්‍රම පොලිස්පතිවරයාටද නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us