භූමිතෙල් මිල 10%කින් වැඩි වන ලකුණු

Published in පුවත්
Tuesday, 23 March 2021 09:48

භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කර තිබෙනවා.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ බද්ද නැවත සකස් කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය පෙබරවාරි මස ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට පසුගිය 8 වැනිදා රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමටයි.

කෙසේවෙතත් ඒ සඳහා ධීවර අමාත්‍යාංශයේද අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ. දැනට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70කි. මිල 10%කින් වැඩි කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 77 දක්වා වැඩි වෙයි. ඇමැති කමිටුව යළිත් වරක් රැස්වී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සක්‍රිය ලෙස පවත්වාගෙන යාමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරනතුරු අතුරු විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

2014 සිට 2020 දක්වා භූමිතෙල් සහනාධාරය ක්‍රියාත්මක කිරීම නිසා මහා භාණ්ඩාගාරයෙන් බලශක්ති අමාත්‍යාංශයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන තිස්හතරදහස් හයසිය අනූපහක් බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us