ඌව පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී බදුල්ල සහ මොනරාගල යන දිස්ත‍්‍රික්වලට මෙතෙක් තිබූ ආසන සංඛ්‍යා වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්ෂේප කළේය.

රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයට පත් කර ගත් නව නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය ලබන අගෝස්තු හය වැනි දා තෙක් යළි අත්හිටුවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය අද (24) නියම කළේය.

රජයක් විසින් කළයුතුව ඇත්තේ චිත්‍රපට නිර්මාණ කරුවන්ව දිරිමත් කිරීම වුවද පවතින රජය ක්‍රියා කරන්නේ ඔවුන්ව අධෛර්මත් වන අයුරින් බව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක හා නිශ්පාදක ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා පවසයි.

පෙත්සම් කාරක සභාවේ නියෝග ක්‍රියාත්මක නොවන බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කළ කතානායක චමල් රාජපක්ෂ මහතා ඇහිදගෙන එන්නේ නැතුව කරුණු දැනගෙන කාතකරන ලෙස තරයේ අවවාද කළේය.

වෛද්‍ය රංජනී ගමගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපහාස වන අයුරින් සිදුකළ මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධව නීති මගින් කටයුතු කිරිමට එම සංගමය තීරණය කර ඇත.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වෛරී සහගත ප්‍රකාශ හා සංකේත අන්තර්ගත බැවින් ෆේස් බුක් ගිණුම අහෝසි කිරීමට තීරණය කළ බව ෆේස් බුක් බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු නිල ඇඳුමෙන් පැමිණ අඟුලානේ දී රුපියල් 500ක පැකට්ටුවක් මිලදී ගනිද්දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

සභාවේ කටයුවලට බාධා වන අයුරින් සෙසු මන්ත්‍රීවරුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි එජාප මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මියට කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us