වස විෂ ආහාරවලින් ජනතාව බේරා ගන්නවා

Published in පුවත්
Wednesday, 24 September 2014 12:39
වර්තමානය වන විට වෙළඳපළේ ඇති පැණි බීම හා විවිධ ආහාර වර්ග කෑමෙන් පාසල් දරුවන් ඇතුළු ළමා පරපුර මෙන්ම ජනතාවද දියවැඩියාව වැනි රෝග ඇති වීමේ ප‍්‍රවණතාවයකට ගොදුරුව සිටී.මේ නිසා පැණි බීම හා සීනි ආශි‍්‍රත කෑම පිළිබඳව නියාමනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 
මෙවැනි ආහාර වල ඇති සීනි වැනි ද්‍රව්‍ය වල ප‍්‍රමාණයන් නිර්ණය කිරීම පිළිබඳව මෙන්ම ශරිරයට අහිතකර ප‍්‍රමාණයන් එහි අන්තර්ගතව තිබේ නම් ඒ පිළිබඳව නීති මගින් කටයුතු කිරීමටත් දැනට තිබෙන නීති ප‍්‍රමාණවත් නොවේ නම් නව නිති ගෙන ඒමටද බලාපොරොත්තු වන බව ඔහු පවසයි. 
 
ආහාර නිෂ්පාදන සමාගම් මුදල් සහ ලාභය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මත මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවත් එය වෙනස් කිරීම සඳහා වු වැඩසටහනක අමාත්‍යාංශය යෙදී සිටින බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. 
 
අද (24) මහනුවරට පැමිණ පළමුව රාමඤ්ඤ නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ද ඉන්පසු මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ද බැහැදකිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සම්පාදිත සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් නමින් යුතු භික්ෂුන් වහන්සේලා සඳහා වු ආහාර වටිටෝරුවක් පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. 
 
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මීට පෙර මහසංඝරත්නය සඳහා සුදුසු දැහැත් වටිටියක් නිර්මාණය කර පිළිගැන්වු බවත් ඊට අමතරව අදදින මහාසංඝරත්නයේ සෞඛ්‍ය හා යහපත් දිවිය සඳහා වු මෙම ආහාර වට්ටෝරුව පිළිගැන්වු බවත්ය.මෙම ආහාර වට්ටෝරුව අද දින දිවයිනේ සැම විහාරස්ථානයකට තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.  
 
ඉදිරියේදී මෙය මහජනතාවගේද දැනගැනිම සඳහා මාධ්‍ය හරහා මෙන්ම වෙනත් මාර්ග වලින් දැනුවත් කරන බව ද හෙතෙම පැවසුවේය
 
අමාත්‍යවරයා අමතමින් මල්වතු මහානායක හිමියන් සඳහන් කළේ මහසංඝරත්නයේ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කරමින් ශරීර සෞඛ්‍යට අහිතකර නොවන ආහාර ලබාගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරිම වැදගත් බවයි. 
 9747036002
Last modified on Wednesday, 24 September 2014 13:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us