රනිල් පොදු ලකුණකට එකඟයි !

Published in පුවත්
Thursday, 25 September 2014 08:07

එක්සත් ජාතික පක්ෂයේ අතෘප්තියට පත්ව සිටි සියළු පාර්ශවයන්ට තනතුරු බෙදා පසුගිය 23 දා සමගි සම්පන්න කළ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා,  ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම වෙනුවෙන්  විපක්ෂයේ පක්ෂ අතර සමගියක් ගොඩනැගීම සඳහාද වහාම ක්‍රියාත්මක වී තිබේ. 



විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලය ලැබී අැත්තේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාට  වන අතර ඔහු ඒ වෙනුවෙන් පත්කරන ලද ඔහුගේගේ ඉතාම හිතෙෙෂීන් කණ්ඩායමක් විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කිරීමට ඊයේ(24) යොදවා තිබිණ. 

ඉන් ප්‍රධාන කණ්ඩායමක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන්  කලකිරී සිටින ශුීලනිප නායකයන් සමග නම හෙලි කළ නොහැකි ස්ථානයකදී සාකච්ඡා පවත්වා ඇත. 

එම සාකච්ඡා වලදී වැදගත් තීන්දු කිහිපයකට පැමිණ තිබේ.


පොදු වැඩ පිළිවෙලක් :


ඉන් පළමුවැන්න නම් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කෙරෙන නව අාන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකිරීම සහ ඒ් සඳහා පොදු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා දැනට 'සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය' විසින් දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කර අැති 'මාර්ග සිතියම' පිලිගැනීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

මෙකී පොදු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමෙහිලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස පිළිගැනීමට ද ශ්‍රීලනිප නායකයන් එකඟ වී තිබේ.


පොදු ලකුණක් :


රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී අනෙකුත් පක්ෂ වලටද එක්වීමේ පහසුව තකා අලියා ලකුණ වෙනුවට පොදු ලකුණක් යොදා ගැනීමටද එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිත පිරිස එකඟ වී තිබේ.

මෙවැනිම කණ්ඩායම් දෙකක් ජනතා විමුක්ති පෙරමුණ සමගද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමගද සාකච්ඡා අාරම්භ කර අැත.

මේ අතර පොදු විපක්ෂයකට එක්වීමට පෙර මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය මේ වන විට වෙනම සාකච්ඡා අාරම්භ කර තිබේ. ඔවුහු දෙමළ කතා කරන ජනතාව ලෙස සමගි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරති.




පසු සටහන:
-------------
'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' ඉදිරිපත් කර අැති මාර්ග සිතියම මෙසේය.

1. විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වහාම අහෝසි කොට විධායක බලය පාර්ලිමේන්තුවට පැවරීම සහ ඉන් පසුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයා අගමැති තනතුරට පත්වීම.

2. දාහත්වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වෙනස් කම් සහිතව යලි බලාත්මක කරවීම.

3. මහජන අභිලාෂ නිසි පරිදි ව්‍යවස්ථාදායකය තුල නියෝජනය වීම සහතික කිරීම පිණිස දැනට පවත්නා මැතිවරණ ක්‍රමයට අත්‍යාවශ්‍ය හදිසි සංශෝධන ඉදිරිපත් කිරීම.

4. මෙම කාර්යයන් මාස හයක කාලයක් තුළ සම්පූර්ණ කිරීම සඳහා සවිස්තරාත්මක මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීම. ඒ මාර්ග සිතියම මෙසේය:

• ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත පොදු අපේක්ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනය සමග ඉදිරිපත් කළ යුතුය.

• එම කෙටුම්පත ජනාධිපතිවරණ දිනයේ සිට හරියටම මාස හයක කාලයකින් බලාත්මක වීම සඳහා අවශ්‍ය විධි විධාන සම්පාදනය කෙරෙනු ඇත. එලෙස බලාත්මක වීමට නියමිත දිනය කෙටුම්පත මගින්ම නියම කෙරෙනු ඇත.

• කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දිනය, ජනාධිපතිවරණ දිනයේ සිට මසක් ගත වීමට පෙර දිනයක් විය යුතු අතර එම නිශ්චිත දිනය ජනාධිපතිවරණ ප්‍රකාශනයේ සඳහන් කෙරෙනු ඇත.

• සංශෝධනය බලාත්මක වූ වහාම ජනාධිපති තනතුර ඉබේම හිස්වනු ඇති අතර පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙක් පත්කරනු ලබනු ඇත.

• පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගනු ලබන මන්ත්‍රීවරයා එසේ පත් කෙරෙන ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත්කරනු ලබනු ඇත.



5. මේ සඳහා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්කොට ජයග්‍රහණය කරවීම සඳහා සාමුහිකව කටයුතු කිරීම.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us