පාර්ලිමේන්තුවේ එකම ඩබල් ඩොක්ටර් !

Published in පුවත්
Thursday, 25 September 2014 08:01

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලබා තිබේ. 

පසුගිය සැප්තැම්බර් 23 දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් රාජපක්ෂ මහතාට මෙකී එක් ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණ. 



“1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෝපාය තහවුරු කිරීමට යොදා ඇති තුලනාත්මක සුරක්ෂිතතාවන්හි සඵලතාව” යන මාතෘකාව යටතේ ඔහු විසින් සිදු කර ඇති පර්යේෂණාත්මක නිබන්ධය වෙනුවෙන් මෙම එක් ආචාර්ය උපාධියක් පිරිනමා ඇති අතර එය දේශීය සහ විදේශීය පරීක්ෂකයන්ගේ නිරීක්ෂණ මත සිදු කරන ලද පර්යේෂණයකින් පසුව ප්‍රදානය කරන ලද්දකි.

ඔහුගේ දෙවන අාචාර්ය උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලද අතර “බෞද්ධ ධාර්මිකත්ව සංකල්පය හා නූතන යුක්ති විනිශ්චය ක්‍රමෝපායන් පිළිබඳ තුලනාත්මක අධ්‍යනයක්" යන මාතෘකාව යටතේ සිදු කරන ලද පර්යේෂණාත්මක නිබන්ධය වෙනුවෙන් ඒ ප්‍රදානය කෙරිණ.

විජයදාස රාජපක්ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදි උපාධිධාරියකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති සහ දර්ශනපති උපාධි ලබා තිබිණ.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ගෙන් පසු ව ආචාර්ය උපාධි දෙකක් ලබා ගත් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට රාජපක්ෂ මහතා පත්ව ඇත.

නීති ක්ෂේත්‍රයේ ඔහු පෙන්වූ දක්ෂතා නිසා 1998 දී “වසරේ දක්ෂතම තරුණ වෘත්තිකයා (නීති ක්ෂේත්‍රය)” සම්මානය (TOYP) ඔහුට ප්‍රදානය කළ අතර 2007 දී “එල්.එම්.ඩී. (LMD) වසරේ ශ්‍රී ලාංකිකයා - 2007” සම්මානයෙන් ද පිදුම් ලබන ලදී. 


ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය (OPA) විසින් 2013 වසරේ ප්‍රථම වරට ප්‍රදානය කරන්නට යෙදුන “The Apex Award - 2013” සම්මානය ද ඔහු වෙත පිරිනැමුවේය. 2011 වසරේ ගාන්ධි සාම ත්‍යාගය ද ඔහුට හිමි වූ අතර 2001 වසරේ ජනාධිපති නීතිඥ ධුරය ඔහුට හිමි වූයේ ඉතා අඩු වයසකින් ය. 

ශ්‍යාමෝපාලි අස්ගිරි මහා නිකාය මගින් “ධර්ම නීති විශාරද ශාසන විභූශන” ගෞරව නාමය ද ඔහුට පිරිනමන ලද අතර අමරපුර මූල වංශික නිකාය සහ අනගාරික ධර්මපාල පදනම මගින් “දේශාභිමානී ශ්‍රී ලංකා ජන රංජන” ගෞරව නාමය ද ඔහු වෙත පිරිනමන්නට යෙදුනි.

විජයදාස රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල නායකයෙකි. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us