දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අභාවප්‍රාප්ත විය. අක්මාවේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෙල්ලප්පිලි මහතා අද (01) උදෑසන මියගොස් ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.
මැදිරිගිරිය බිසෝබණ්ඩාරගම මවක් සිය දරුවන් තිදෙනාගේ පිපාසය සංසිඳවීමට ජීවිතය පරදුවට තබා කඹයක් ආධාරයෙන් අඩි 30කටත් වඩා ගැඹුරු ළිඳකට බැසීමේ සිද්ධියක් වාර්තාවේ.
‘ධම්මපද සුගායන රියැලිටි තරගාවලියක් ’ සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් සංවිධානය කර තිබේ.
උඩක්කුව - මදුරන්කුලිය මාර්ගයේ කනමුලේ මුස්ලිම් විදුහල ඉදිරිපිට සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමින් සිටියදී මියගොස් ඇත.
‘පෝෂණ සතිය' වැඩ සටහන යටතේ රටපුරා පාසැල්වල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන රග්බි ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ (31) උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවති අවස්ථාවේදී, ශිෂ්‍යාවන් හූ හඬ නගමින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙ චීන රජයට දුර්ලභ කුරුල්ලන් 16 දෙනෙකු පරිත්‍යාග කර තිබේ. ඒ අනුව ලතුවැකි පක්ෂීන් 16 දෙනෙකු ඉකුත් (29) දින චීනයට යැවූ බව එහි සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.