හෙට දිනයේ බදුල්ල පස්සරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ 68 වන සමුළුව සඳහා නායක රනිල් වික්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනාම සහභාගී වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි.
උතුරු පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබේ.
ඌව පලාත් සභා මැතිවරණයේ දී සිදුවන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ පැමිණිල්ලක් ගොනු කළේය.
යුද හමුදා සෙබළුන් අයුතු රාජකාරියේ යොදවා ගත්තේය යන චෝදනා යටතේ සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් කපිතාන් සේනක හරිප්රිය ට එරෙහිව විභාගවන නඩුව නොවැම්බර් 5 දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ (4) නියෝග කළාය.
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (05) දා සතරවැනි දිනයයි. ගෙවීගිය දින කීපය පුරාම මෙරට අතිවිශාල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද සිනමා ශාලා (05) කදී ලොව අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය විය. අද දවසේ තිරගත වන චිත්‍රපට නාමාවලිය මෙසේය.