මාතර ඉසදීන් නගරයේදී වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් විසින් යුද හමුදා මේජර්වරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට පහරදී ඇත. පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මීට අදාළව චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි.
එක්සත් ජාතික පක්ෂය විසින් 06 දා පස්සර දී පැවැත්වූ සිය 68 වන සංවත්සර රැළියේදී, සජිත් ප්‍රේමදාස මහතා තමුන්ට නොදුන් තනතුරක් බාර ගත්තේය.
ගොවියා වෙනුවෙන් ජීවිතයම කැප කළ සරත් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයැවූ හැත්තෑ එකේ කැරැල්ලෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශිෂ්ඨ ඝනයේ විකල්ප බුද්ධිමතෙක් වූ සරත් ප්‍රනාන්දු ඊයේ (07) රාත්‍රී වැළැඳුනු හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.
‘ද ඉංග්ලිෂ් හබ්’ යනු ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමේ නවතම ප්‍රවේශය වේ. 2013 දී ආරම්භ කළ මෙම ඒකාබද්ධ වැඩසටහන මඟින් ඉලක්ක කරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පමණක් නොවන අතර සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සිතීමට, කතාකිරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.
'තණ්හා රතී රඟා' ලන්ඩන් නුවරදී හොඳම චිත්‍රපටය වෙයි !
නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ ” තණ්හා රතී රඟා” චිත්‍රපටය ලන්ඩන් නුවර පැවති I Will Tell චිත්‍රපට සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මාණයෙන් පිදුම් ලබා තිබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ප්‍රදේශ රැසකට ජලය බෙදා හැරෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිට ඇත.
ශ්‍රී ලංකාව සහ ජපානය දෙරට අතර වැඩිදුර සහයෝගීතාවය සඳහා ගිවිසුම් කිහිපයට එළැඹී තිබේ.
දිය බීමට පැමිණි අලි පැටවෙකුගේ වලිගයේ කොටසක් කිසියම් පුද්ගලයෙකු විසින් කපා දැමීම නිසා එම අලි පැටවා අසාද්‍ය තත්ත්වයෙන් පසුවීමේ පුවතක් උඩවලව, ප්‍රදේශයෙන් වාර්තාවේ.