මේ රටේ බලය බෙදා තිබෙන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වන අතර, එම ව්‍යවස්ථාවෙන් අකුරක්වත් පිට යන්න එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යතාවයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකට සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ගුරු වෘත්තීය සමිතිද ශිෂ්‍යයන් ගේ සත්‍යග්‍රහයට එක් වී සිටියහ.
අයවැයෙන් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා හලාවතදී පෙත්සමක්
එළඹෙන අයවැයෙන් රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසත් වැටුපට එල්ලා ඇති දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද (13) හලාවත නගරයේ වැඩබිම් රැසක රැස්වීම් මාලාවක් සහ පෙත්සම් අත්සන් කිරීමක් සිදුවිය.
මිනිස්සු නොහදා, පාරවල් හදලා වැඩක් නැහැ - ජනක බණ්ඩාර
''පාරවල් හදලා ගොඩනැගිලි හදලා බැහැ. මිනිස්සු හදන්න ඕනි. මිනිස්සු හැදුවේ නැතිනම් අපි මේ මොනවා දුන්නත් වැඩක් නැහැ. මිනිස්සුන්ට අපි ආදරය කරන්න ඕන. අද දරු පරපුර සමාජ අසාධාරණකම්වලින් මුදා ගැනීමට නම් සමාජයේ සෑම තරාතිරකම පවුලකම ජීවත්වන දරුවන් අපේ දරුවෝ කියන හැඟීමෙන් යුක්තව කටයුතු කළ යුතුයි.'' යැයි පසුගියදා දඹුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසිය.
කොළඹ බදුල්ල මහා මාර්ගයේ පඹහින්න මංසන්ධීයේ අඛණ්ඩ සාමකාමී සත්‍යග්‍රහයක නිරතව සිටි සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ශිෂ්ට වටිනාකම් සහිත, ප්රජාතන්ත්රවාදී භාවිතාවන් අනුගමනය කරන රටක කිසිසේත්ම නොවිය යුතු සිදු වීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.