විදුලි බල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනීමේදී සිදුව අැති දැවැන්ත මූල්‍ය වංචාවට එරෙහිව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද(05) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.ජනාධිපතිවරණයට පෙර දින නීති විරෝධී ලෙස පාලනාධිකාරියේ වැටුප් 125% කින් පමණ වැඩි කර ගැනීම නිසා ලංවිම සාමාන්‍යාධිකාරවරයා හා පාළනාධිකාරියට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඊයේ ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහයකට සහභාගී වූ දුමින්ද සිල්වා හා ඔහුගේ නැගණිය වන දිලිණි සිල්වා දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට දැඩි උත්සහයක් ගෙන තිබුණු බව වාර්තාවේ.

පෙබරවාරි 14දා ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මහත් අාන්දෝලනයකට ලක්වූ ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් ඒ්කමතිකව සම්මත වූ බව මේ වන විට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන්නේය.

හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නීතිඥ කේ.එන් චොක්සි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරීට අද (05) නියෝග කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us