20 වන ව්‍යවස්ථා සංශෝධනයත් ළඟදීම

Published in පුවත්
Saturday, 28 March 2015 08:52

සමානුපාතික ක්‍රමය හා කේවල ක්‍රමය සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කෙරෙන බව දැනගන්නට තිබේ. දැනට සාකච්ඡා මට්ටමේ පවතින නව මැතිවරණ ක්‍රමය ගැන පක්ෂ අතර එකඟතාවට පසුව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා දැක්වූ අදහස් ගැන මේ වන විට දේශපාලන පක්ෂ නායකයන්ගේ ඉහළ අවධානයට ලක්ව ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කර මාස තුනක් ඇතුළත නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය හැකි බව ඉහළ පෙළේ සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණි.

නව මැතිවරණ ක්‍රමයේදී පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 250 දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් නොමැත.

ආසන ක්‍රමය යටතේ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ද සමානුපාතික ක්‍රමය යටතේ තවත් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ද තෝරා ගන්නා මෙම ක්‍රමයට ජාතික ලැයිස්තුවෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ද ඇතුළත්ය.

silumina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us