මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාජිතයෙක්ව ගෙදර යැවීමට කටයුතු කරන බව අතුරලියේ රතන හිමියන් පැවසුවේය.ඒ ‘ඒකාධිපති බලතල අහෝසි කරන දූෂණයට වැට බඳින ජන රැල්ල’ මැයෙන් විපක්ෂයේ ඒකාබද්ධ පක්ෂ සහ අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වුණු ජනරැළිය අමතමිනි.
නොවැම්බර් 10 වනදායින් ඇරඹුනු ජාතික හැදුණුම්පත් ලබා ගැනීම පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ සතිය යටතේ ක්‍රියාත්මක ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවය ඊයේ (11)වන දින අති සාර්ථක ලෙස ඌව පරණගම ප්‍රා.ලේ කාර්යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) ගාල්ල, කළුවැල්ල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් පිරිසක් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.
විෂවායු අවම කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජිං පිං විශේෂ අවධානයක් යොමුකර ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කරයි.
වන සත්ව අඩවි සහකාර පත්වීම් අධ්යක්ෂ ජනරාල් ගේ හිතවතුන්ට
Published in
පුවත්
Wednesday, 12 November 2014 11:56
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි සහකාර දෙවැනි ශ්‍රේණිය සඳහා පසුගියදා පත්වීම් ලබා දෙනුලැබූ නිරධාරීන් පිරිසකගේ පිරිසකගේ පත්වීම් අහෝසි කර එම පත්වීම් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාගේ හිතවතුන් පිරිසකට ලබා දීමට කටයුතු කෙරෙමින් යන බව වාර්තා වේ.
ආණ්ඩුවට එක්වූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් මන්ත්‍රීවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 1500 ක්ද රුපියල් ලක්ෂ 500 ක් හා වාහන බලපත්‍රය බැගින්ද ලබාදී ඇති බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන මහතා පවසයි.
ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මේ වන විටත් තම්ල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටින බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සර්ප විෂට ලබාදෙන එන්නත ලබා දුන්නත් රෝගීන් මිය ගොස් තිබෙන බවට මහියංගණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.