ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස යසසිරි කස්තුරිආරච්චි පත් කර ඇත.

මීට වසර දෙක තුනකට පෙර සිදුවූ කෞතුකාගාරය බිඳ වටිනා කියන පුරාවස්තු සොරකම් කිරීමේ සිදුවීම ඔබට මතක ඇති. එම සිදුවීම පාදක කොටගෙන විවිධ කතාන්දර ලංකාව පිස හැමූ සුළෙඟ් ගසාගෙන ගිය බවද ඔබට මතක ඇති. එසේ ගසාගෙන ගිය එක් කතාවක් වන්නේ ලියනගේ සම්බන්ධිත අතුරුදන් වීමේ කතාවයි.

මෙරටට ඉන්ධන ගොඩබෑමේදී ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූයේ යැයි කියන රුපියල් කෝටි තුනහමාරක පාඩුවක් සම්බන්ධයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වනවිට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටී.

මිල්කෝ සමාගමට අයත් නාරාහේන්පිට පිහිටි ඉඩම සොෆ්ට්ලොජික් නම් පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා දැරූ උත්සාහය වත්මන් ආණ්ඩුව විසින් වලැක්වූ බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේය.

පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ඉදිරි මනාප අංකයක් ලබා ගැනීම සඳහා නම් වෙනස් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු කොළඹ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අ.අ.අ.අ.ශිවංක විජේගුණවර්ධන මහතාට ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මුල් පුටුව පිරිනැමීමට ගත් තීරණය නිසා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ රාජකාරියේ නියුතු සියලු දෙනාම සේවයෙන් බැහැර ව, වර්ජනයක නියැළෙන්නට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි. විජේගුණවර්ධන මහතා සාමාන්‍ය වෛද්‍යවරයෙකි.

පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ඊයේ(19) මෙරටට රැගෙන ආ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඞ් සිද්දික්ගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප‍්‍රශ්න කරමින් සිටී. මොහොමඞ් සිද්ධික් විසින් සිදුකරන ලද ජාවාරම් පිළිබද තවදුරටත් සොයා බැලීම එහි ප‍්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (20) නොතීසි නිකුත් කෙරුණි.

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නියම කර තිබෙන සිරදඬුවම ලිහිල් කර ඇයට සමාව දිය හැකි ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us