විපක්ෂයේ දේශපාලන ප්‍රබලයින් රැසක් මේ වන විට තම ඡන්දය ප්‍රකාශ කර අවසන්. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කරේ පැලවත්ත පිරිවෙනේදිය. එසේම ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සිය ඡන්දය ප්‍රකශ කරේ ඔබේසේකරපුර හින්දු විද්‍යාලයේදීය.
මහින්ද මාලදිවයිනට පනී ! රටින් පැන්නේ නැතැයි කියන ව්‍යාජ වීඩියෝවක් විකාශය කිරීමට නියමිතය.
ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට බලා පිටත්ව යාමට සූදනමින් පසුවන බව වාර්තාවේ. මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම් ප්‍රදේශයට ගොස් ඇති අතර තව සුළු මොහොතකින් මත්තල ගුවන් තොටුපොළට පැමිණිමට නියමිතය. එහිදී දහවල් 12.50 ට මාලදිවයින බලා පිටත්ව යැමට සූදානම් කර තිබෙන ගුවන්යානයෙන් ඔහු මාලදිවයින බලා පිටත්ව යන් බවත් දැන ගැනීමට තිබේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී අද උදෑසන තම ඡන්දය භාවිත කළ අයුරු.
කටුනායක ආරක්ෂාව තවත් දැඩි කරයි. කැරළි මර්දනයත් කැඳවයි !
මේවන විට කටුනානායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ හා ඒ අවට ප්‍රදෙශයන්හී ආරක්ෂාව දැඩි කර තිබේ.
මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර මහතා අද පාන්දර 1.30 ට කටුනායක ගුවන් තොටු පොළින් සිංගප්පූරුව බලා පිටත්ව තිබේ. ඔහු ගේ ගමනාන්තය කුමක්ද යන්න හෙළිවී නැත.
ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු නාමල් රජපක්ෂ මහතා ඊයේ රාත්රියේදී එජාප පර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අමතා ජනාධිපතිවර්ණය යම් කිසි ලෙසකින් ඔවුන් පරාජයට පත්වුව හොත් තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ඉල්ලා ඇති බව වාර්තා වේ.