වැලිකඩ ගැටුමෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ පවුල් වලට වන්දි

Published in පුවත්
Thursday, 25 June 2015 14:28

2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබා දීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

2012වර්ෂයේ නොවැම්බර් 09වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්ඹුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටු වාර්ථාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නේය.

මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්ථාව මඟින් මියගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබා දීම නිර්දේශ කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසීරීමෙන්, ගැටුම් ඇති නොකල, ඒත් තුවාල ලැබූ හෝ මිය ගිය රැඳවියන් සඳහා පමණක් වන්දි ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබේ.මෙම සිදුවීම කරණ කොට ගෙන අයුක්ති සහගත ලෙස දඩුවම් පමුණුවා ඇති රැඳවියන්ට සහන සැලසීම පිණිස එම අයුක්ති සහගත දණ්ඩන නියමයන් සමාලෝචනයට භාජනය කල යුතු බව මෙමෙ කමිටුව නිර්දේශ කර ඇත.

හිංසා පැමිණවීම සම්බන්ධයෙන් අනුරූපවන බවට අදහස් කරන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහයේ 162වගන්තිය (රාජ්‍ය සේවකයින්ගේ චර්යා සම්බන්ධ වැරදි) යටතේ වරදක් සංයුක්ත වන කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙතෙක් සැලකිල්ලට පාත්‍ර නොවූ කරුණු සම්බන්ධයෙන් නව අපරාධ විමර්ශණ කටයුතු ආරම්භ කිරීම පොලිස්පතිතුමාගේ සෘජු නියෝග යටතේ පත් කරන ලද විශේෂ විමර්ශණ කණ්ඩායමක් විසින් මෙහෙය විය යුතු බව කමිටුව නිර්දේශ කර ඇත.

මෙම පරීක්ෂණ වාර්ථාව පෙන්වා දෙන ආකාරයට ඇතැම් පොලිස් නිළධාරීන්ට චෝදනා පත්‍ර භාරදීමේදී යුක්ති සහගත හා සාධාරණත්වය පිළිබඳ අවධානයක් යොමු කල යුතු බව පෙන්වා දෙන කමිටුව, පොලිස් නිළධාරීන්ට අයුක්ති සහගත ලෙස දඩුවම් පමුණුවා ඇති බව ද කොමිසමේ අදහස වී තිබේ.

සෝදිසි මෙහෙයුම් වලින් පසු ඇති වූ වාතාවරණය සමනය කිරීම සඳහා ක්‍රියාකාරී බන්ධනාගාර කාර්යමණ්ඩලයට මුල්‍යමය තිළිණ ප්‍රධානය කිරීමෙන් ඔවුන් ඇගයීය යුතු බව පවසන ත්‍රිපුද්ගල කමිටුව බන්ධනාගාරය තුල තිඛෙන අධික තදබදය බන්ධනාගාර කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවන බරපතල ගැටළුකාරී තත්වයක් වන බවත්, ඒ සඳහා බන්ධනාගාරය තුල රැඳී සිටින සංඛ්‍යාවට සමානුපාතිකව බන්ධනාගාර කාර්ය මණ්ඩලය ද පුළුල් කල යුතු බවත් කමිටුවේ අදහසක් වී තිබේ.

කාලීන වෙනස්කම් හා නව ප්‍රවණතා හඳුනාගනිමින් වර්ථමානයට ගැලපෙන ලෙස බන්ධනාගාර ආඥා පනත සමාලෝචනය කලයුතු බව පවසන ත්‍රිපුද්ගල කමිටුව රැඳවියන්ට ලඟා විය නොහැකි ස්ථානවල අවි ගබඩා ස්ථාපිත කිරීම, බන්ධනාගාර කාර්ය මණ්ඩලයට යෝග්‍ය අවි ආයුධ සැපයීම, වැඩි දියුණු කරන ලද බන්ධනාගාර ආරක්‍ෂක පද්ධතියක් හඳුන්වා දීම, අධිකරණ වෛද්‍ය විද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා දියුණු වැඩපිළිවෙලක් හඳුන්වා දීම, බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය අඩු ජනාකීර්ණ ප්‍රදේශවල ස්ථාපිත කිරීම, රජයේ රසපරීක්ෂණ දෙපාර්තුමේන්තුව දියුණු කිරීම ආදී නිර්දේශයන් ගණනාවක් මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින් පෙන්වා දී ඇති අතර එම නිර්දේශයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අවශ්‍ය පියවර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us