පසුගිය 18 වැනි දා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන සංවාදයක් අතරතුර සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම එන්තරවාසිය යවා ඇත.
බන්දුල ගුණවර්ධන මහතා අදාළ වැඩසටහනේ දී ප්‍රකාශ කර ඇත්තේ රාජ් රාජරත්නම්ගෙන් ලද අමෙරිකානු ඩොලර් මිලියන 3ක් මහ බැංකුවේ අවසරයකින් තොරව රවී කරුණානායක සිය ගිණුමට බැර කර ඇති බවයි.
මෙම ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු බවත්, සිය දේශපාලන ප්‍රතිරූපයට හානි ගෙන දෙන්නක් බවත්, නීතිඥවරුන් මගින් යවා ඇති එන්තරවාසියේ දැක්වේ.