පරීක්ෂණ අවසන් වන තුරු නූඩ්ල්ස් දැන්වීම් තහනම්

Published in පුවත්
Thursday, 25 June 2015 12:59

වෙළෙඳපොලේ අලෙවි කරන සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂාව අවසන් වන තුරු සියලූම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්හි නූඞ්ල්ස් දැන්වීම් තාවකාලිකව නැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

දැනට වෙළෙඳපොළේ පවතින ක්ෂණික නූඞ්ල්ස් සාම්පල් කාර්මික තාක්ෂණ ආයතනයට යොමු කිරීමෙන් පසුව ලබාගත් විශ්ලේෂණ වාර්තාව සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය එම තීරණයට එළඹ තිබේ.

පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ ආහාර උපදේශක කමිටුව නිවේදනය කරයි.ඒ අනුව මෙරටට ආනයනය කෙරෙන සියලූම නූඞ්ල්ස්වල ඊයම්, රසදිය, ආසනික් සහ කැඞ්මියන් යන බැර ලෝහ පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතය.

දැනට වෙළෙඳපොලේ පවතින නූඞ්ල්ස්වල සාම්පල් ලබාගෙන ඒවායෙහි තත්වය පිළිබඳ තත්වය පරීක්ෂා කිරීමටයි ආහාර උපදේශක කමිටුව තීරණය කර ඇත.

පරිභෝජනයට නුදුසුදු ආකාරයට ඊයම් ප්‍රමාණය මිලි ග්‍රෑම් බින්දුවයි දශම තුනට වඩා ඉහළ ප්‍රතිශතයක් ඇත්නම් එම සියලූම නූඞ්ල්ස් වර්ග වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඉන්දියාවේ නෙස්ලේ සමාගම විසින් නිෂ්පාදිත නූඞ්ල්ස්වල ඊයම් ප්‍රතිශතය ඉහළ බවට අනාවරණ වීමත් සමග එරට මැගී නූඞ්ල්ස් සියල්ල විනාශ කෙරුණි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ක්ෂණික නූඞ්ල්ස් ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයනය නොකරන බවත් මොනෝසෝඩියම් ග්ලූටමේට් රසායනිකය හැර සෙසු සියලූම අමුද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කරන බවය.

කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව ලැබීමෙන් පසු එම නිර්දේශ අනුව මිනිස් සිරුරට හානිදායක මට්ටමින් යම් රසායනික ද්‍රව්‍ය එම නුඩ්ල්ස් සාම්පලවල පවතින බව සනාථ වුවහොත් එම නිෂ්පාදන වහාම මෙරට භාවිතය තහනම් කිරිමට කටයුතු යොදන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.

සබැදි පුවත්
සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂාවට

ක්ෂණික නූඩ්ල්ස් කන්නෙ බලාගෙනයි, අහිතකර රසායනිකයක් පිළිබඳ පරීක්ෂණ

ඩොලර් මිලියන 50ක මැගී නූඩ්ල්ස් ගින්නේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us