දේශපාලන පක්ෂ විසින් ඉල්ලීමක් කළ හොත් අදාළ සහතිකය ලබාදීමට සූදානම් බව එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැනි ව්‍යාපාරයනට සම්බන්ධ වූවන්ට නාමයෝජනා ලබා නොදිය යුතු බවට වන යෝජනාවලියකට සියලූ දේශපාලන පක්ෂ නායකයින් පසුගිය මාර්තු වේ අත්සන් කිරීම සුබවාදී බලාපොරොත්තුවක් බව ද සභාපතිවරයා කීවේය.
දේශපාලනයට පිවිසෙන්නන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිස් මෙන්ම සමාජයට අහිතකර වන ව්‍යාපාර වල නිරත වන්නන් බොහෝමයක් සිටින බවට චෝදනා එල්ල වන අතර එය තහවුරුවූ අවස්ථාද දක්නට ලැබුණි.