ලක් සතොසට කෝටි 7500ක නව ආයෝජනයක්

Published in පුවත්
Thursday, 25 June 2015 10:22

ලක් සතොසට යළි පණදීම සඳහා රුපියල් කෝටි හත්දහස් පන්සියයක නව ආයෝජනයක් සිදුකිරීමට රජය තීරණය කොට තිබේ. ලබන මස 07 වැනිදා සිට නව වෙළෙඳසැල්වලින් ජනතාවට සේවා සැපැයීම ආරම්භ කිරීමට ද නියමිතය.

කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (24) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කෙළේය.

වසර 2013 සිට “ලක් සතොස” “සතොස” සිදුවූ ගනුදෙනු පිළිබඳව විධිමත් විගණනයක් සිදුකොට නැතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව සතොස කටයුතු විධිමත් කිරීමට තමා වහාම නිසි විගණනයක් සිදුකරන මෙන් රජයේ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කෙළේය.

දැනට රටපුරා ක්‍රියාත්මක ලක් සතොස 305 ට අමතරව මේ වසර ඇතුළත දී අලුතින් තවත් ලක් සතොස 50 ආරම්භ කරන බවත් ඇමැතිවරයා කීය. ලක් සතොස විසින් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල්, බැංකුවලට ගෙවිය යුතු මුදල් හා මූල්‍ය හා පරිපාලන අඩුපාඩුකම් මත සිදුවූ පාඩුව විඳදරාගෙන නැවත ඊට ජීවය ලබාදීමට කේ. පී. එම්. ජී. (K.P.M.G.) ආයෝජකයෙකු කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

ලක් සතොස අලෙවිසැල්වල විකිණීමට ගත් ඇතැම් භාණ්ඩ නැවත විකිණීමට නොහැකි වී ඇතැයි ද, සැපයුම්කරුවන්ට මිලියන 3 ක මුදලක් ගෙවීමට ඇතැයි ද වාණිජ ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඊට අමතරව බැංකුවලට මිලියන 100 ක මුදලක් ගෙවීමට ඇතැයි ද ඇමැතිවරයා කීය. මේ සියලු පාඩු විඳදරා වුව, පාරිභෝගික ජනතාවට ගුණාත්මක හා තරඟකාරී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට හැකි වටාපිටාව නව වෙළෙඳසැල් ජාලය විවෘත කිරීමෙන් පසු සිදුවනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කෙළේය. මේ අවස්ථාවට සතොස සභාපති කිරාන් අතපත්තු මහතා ද එක්ව සිටි‍යේය.

dinamina

 

Last modified on Thursday, 25 June 2015 10:26

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us