ශ්‍රී ලංකා‍ද්වීපයේ යහ පාලනයේ නව යුගයක උදාව සනිටුහන් වූ මොහොතේ එළැඹි 67 වැනි ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවණීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී අද (4) උදේ වරුවේ පැවැත්වේ.

ජනාධිපතිවරණය සමහේදී එජාපයේ හිටපු මහ ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර වූ ගිවිසුමක් බව පවසමින් ඉදිරිපත් කළ ව්‍යාජ අත්සන් සහිත ලියැවිල්ල සකස් කිරීම සඳහා පත්‍ර කර්තෘවරයකු හවුල් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ එන හෙට(05) නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇති බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙළෙඳ පොළ තුළ අලෙවියට තබා තිබූ ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග අත්අඩංගුවට ගත්තද, එම ඇපල්වලින් එක ගෙඩියක්වත් මෙතෙක් පරීක්ෂණයකට ලක්කර නැතැයි වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා පත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අද සිරබත් කෑමට සිදුව ඇත්තේ ටිරාන් අලස් නම් පාප මිත්‍රයාගේ ඇසුර නිසා බව තිස්ස අත්තනායක මහතාගේ සමීපතමයකු ලංකාඩේලි වෙත පැවැසීය.

මේ වන ඇමරිකාවේ සිය නිවසට වී සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙබරවාරී 17 වන දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ඒ මහතාව සමීප ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදා රගර් කණ්ඩායම සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර පෙරේදා පස්වරුවේ වැලිසර නාවික හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේ පැවැති අන්තර් සමාජ පළමුපෙළ රග්බි තරගයෙන් පසුව තරග තීරකවරුන්ට හා හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන්ට නාවික හමුදා කණ්ඩයමේ නිළධාරීන් හා ක්‍රීඩකයන් ගෙන් සිදුවූ පහරදීම සම්බන්ධව කඩිනමින් පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us