සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ගතවූ වසර 20 ක කාලය තුළදී පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ ආරක්ෂාවට කන්තලේ පොලීසියේ නිළධාරීන් 28 දෙනෙකු හා ඇමැති ආරක්ෂක අංශයේ නිළධාරීන් 6 දෙනෙකු යොදවාගෙන ඇතැයි වාර්තාවේ.

ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සේවය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය යළිත් වරක් රක්ෂණ මණ්ඩලයේ සභාපති තනතුරට පත් කර තිබේ.

මෙරට යම් අපරාධකරුවකු එල්ලා මැරීමට විනිසුරුවරයකු ලබාදෙන අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර එම විනිසුරු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය සෘජුවම බන්ධනාගාර අධිකාරී වෙත පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරේ.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට එම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ලලිත් කොතලාවල මහතා අදටත් පැවසුවද තැන්පත්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ආපසු ගෙවීමේ එම ක්‍රමවේදයට නිසි සහායක් නොදෙන බවට නීතිඥ දර්ශන කුරුප්පු මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ (12) පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය ඊයේ (12 දා) නවසීලන්තයේ ක්‍රයිස්‌චර්ඩ් හිදී නවසීලන්ත සංස්‌කෘතිකත්වය විදහා පාමින් විචිත්‍රවත් ලෙස පැවැත්වුණි.

කොළඹ නගරයේ මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගර (පෝට්‌ සිටි) ව්‍යාපෘතිය නතර කිරීමට රජය පියවර නොගතහොත් එය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් නතර කිරීමට කටයුතු කරන බවට සහතික වන්නේ යෑයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us