අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේ කවුද? දෙවියෝද ? Featured

Published in පුවත්
Thursday, 26 October 2017 17:30

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලුවේ කවුද යනුවෙන් දැන් සමහරක් තක්කඩියන් විසින් ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. ඊයේ පෙරේදා රතන සාදුගෙන් මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු කියා තිබුණේ දෙයියෝ දනී කියාය..රතන සාදුට ඒ ප්‍රශ්නයට කෙළින් පිලිතුරක් දිය නොහැක. මන්ද එවිට තමන් සඟවාගෙන සිටින තක්කඩි කම එළියට එන බැවිනි.

මේ රටේ නව ව්‍යවස්ථාවක් නොඉල්ලුවේ කවුද යන්න ප්‍රශ්නයට පැහැදිලිව දිය හැකි පිලිතුරක් තිබේ . ඒ නොඉල්ලපු කිසිවකු නැති බවය. 78 හඳුන්වා දුන් ව්‍යවස්ථාව 20 වන වතාවක් දක්වා සංශෝධනයට ලක් වූයේ ව්‍යවස්ථාවේ ඇති වැරදි නිසාය. මේ සංශෝධනයන්ට පාර්ලිමේන්තුව නියොජනය කළ සියලු මහජන නියොජිතයන් යම් ලෙසකින් හෝ සම්බන්ධව සිටියේය. රතන සාදුලාටද මේ මඟ හැර යෑමට හැකි වූයේ නැත. දැන් මොකුත් නොදන්නා බබ්බු ලෙස පෙනී සිටීමෙන් තමන්ගේ මොකක්ද එකක් ‍රැකෙන බව රතන සාදුලා සිතා සිටියද ඒ එහෙම නොවන බව රටේ සමස්ත ජනයාම දන්න සත්‍යයකි.

ජේ ආර් ගේ ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා සටන් ඇවිලුනේ ජේ ආර් බලයට එමටත් පෙර සිටය. ඇන් ඇම්ලා ඒ දවස් වලම මේ ව්‍යස්ථාව මඟින් ඇතිකරනු ලබන අර්බුධය පැහැදිලිව පෙන්වා දුන්නේය. ඊට විටින් විට කරන ලද එකතු කිරීම මඟින්ද ඇතිකරන ලද අර්බුධ වල නිමක් තිබුනේද නැත. විධායක ජනාධිපතිධුරය විසින් රටේ ඒකාධිපති පාලන ව්‍යුහයක් ඇති කිරීම නිසා සමස්ථ දේශපාලන දේහයටම බරපතල හානි ගෙන දුන්නෙය. දේශපාලන ගැ‍ටුම් හේතුවෙන් දසදහස් ගානන්කට ජීවිත නැති වුනේ මෙම ව්‍යස්ථාව නිසාය. මේ ගැ‍ටුම් නිසා රට තවදුරටත් ආපස්සට ගියා මිසක රටේ සංවර්ධනයට හේතු වූයේ නැත. මහා බරපතල දූෂණ වංචාවන්ට හේතු වූයේ මේ ධුරය වටා කෙන්ද්‍ර වූ බලය විසින් ඒ සියල්ල ගැට ගැසී තිබීම නිසාය. රාජ්‍ය සේවය දුර්වල වූයේ මේ බලය කෙන්ද්‍රගතව තිබීම නිසාය.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය එක පුද්ගලයකුගේ අභිමතාර්ථයන්ට යට කිරීම නිසා පුරවැසියා වහලකුගේ තත්වයට පත් විය. පාර්ලිමෙන්තුව, අධිකරණය ඊට හිමි ස්වාධීනත්වයෙන් ඉවත් කරනු ලැබීය. එමඟින් රාජ්‍යයේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පවා හෑල්ලුවට ලක් කරන ලද අතර..අධිකරණද රූකඩ මඩුවක් බවට පත් කරනු ලැබීය. එමඟින් රටේ නීතියක් රීතියක්, නීතියේ යුක්තිය ක්‍රියාවට නැගීමේ සාධාරණ අවස්තා අහිමි කරනු ලැබීය. සමාජ සංස්කෘතික සම්බන්ධතා සියල්ල අයාලෙ ගියෙය. සහජීවනයෙන් ඉන්නට තැත් කළ සියලු ජාතීන් අතර විරසකයන් ඇති කර ඔවුනොවුන්ට විනාශය කැඳවීය.

දැන් අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල මේ අවුල් ජාලය ලෙහෙන එක කාගේ වුවමනාවක්ද? ව්‍යස්ථාව නිසා පිඩාවට පත් සියලු ජනතාවගේ වුවමනාව, ඒක නෙවෙයිද? එය මේ රටත් ජනතාවත් සුරකිනවා කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගේද වුවමනාව විය නොහැකිද ?

තමන්ගේ දේශපාලන පැවැත්ම අහෝසි වෙමින් යන විට කුමක් හෝ දේශපාලන තක්කඩි කමකින් බඩගෝස්තරය හොයා ගැනීමට තැත්කරන හොර ඝනගෙඩි තක්කඩියන්ගේ සටකපට කම්වලින් යළිත් විනාශ වන්නේ මේ රටය. රටවැසියාය, අනාගත දූ දරු පරම්පරාවය.

මේ පාපකර්මයට මෝඩ මිනිසුන්ව හවුල් කරගැනීමට හැකවීම ගැන ගැටලුවක් නැත. මන්ද ඒ මෝඩයන් නිසාය එහෙත් මහනායක හිමිවරුන්වද මේකට හවුල් කර ගැනීමට දරන වෙහෙස ගැන නම් ඇත්තේ මහනායක හිමිවරුන් ගැන අනුකම්පාවකි.

Last modified on Thursday, 26 October 2017 17:30

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us