ලංකාවට පැමිණි ලොකුම ආයෝජකයාව ආපසු හරවා යවයි ! Featured

Published in පුවත්
Wednesday, 01 November 2017 12:48

ඇමරිකානු ඩොලර් මිලියන 537 ක දැවැන්ත ආයෝජනයක් සහිතව මෙරට ආරම්බ කිරීමට කැමැත්ත පළ කර තිබූ අධිවේග දුම්රිය නිපදවීමේ කර්මාන්ත ශාලාව පිහි‍ටු වීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ තක්කඩිකම් නිසා අහිමිවීමේ අවධානමක් ඇති වී තිබේ.

ආයෝජන මණ්ඩලයට මෙම ව්‍යාපෘති වාර්තාව ලබා දී වසරකට අධික කාලයක් ගත වූවද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැත. මෙහි එක් ප්‍රධානියකු මෙම විදේශ ආයොජකයන්ට පවසා ඇත්තේ මෙරට දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නිසා මේ ව්‍යාපෘතිය අවදානම් බවය. තවත් ඉහළ නිලධාරියකු ලොකු කොමිස් කුට්ටියක්ද ඉලා තිබේ. මෙහෙම නිළධාරීන් සිටින රටක් දියුණු කරන්නෙ කෙසේද යන්න ගැන ආණ්ඩුවේ ප්‍රධානින් කල්පනා කළ යුතුය. ජනාධිපතිවරයාටද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදු කිරීමට විදේශික ආයොජකයන් පසුගියදා කටයුතු කර තිබූ නමුත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කියා ඇත්තේ ඒසා දැවැන්ත ව්‍යාපෘතියක් කිරීමට පුහුණු ශ්‍රමිකයන් මෙරට නැති බවය. මෙවැනි ගොබ්බ ලේකම්වරුන් වටේ තියාගෙන සිටින ජනාධිපතිවරයා කෙළින පිස්සු ගැන අමුතුවෙන් කතා කිරීමට දෙයක් නැත. මේරටට සෘජු විදේශීය ආයොජකයන් ගෙන්වා ගැනිමට අවශ්‍යවන්නේ ,ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් නොවේ. ඔවුන්ගේ තාක්ෂණය , පුහුණුව රැකියා අවස්ථා මෙරටට ලබා ගැනීමේ මූලික කොට ගෙනය..එහෙත් මේ ගොබ්බ ලේකම්ලාට ඒ ගැන වගක් නැත.

මෙම සමාගමේ ප්‍රකාශකයකු අප හා පවසා සිටියේ මේ වන විට මේ සම්බන්ධයෙන් වගකිව යුතු ඇමැතිවරුන් කිහිප දෙනෙකු හා සාකච්ඡා කෙරුනද ඔවුන්ගේ මුලික ඉල්ලීම වී තිබුනේ ඔවුන්ට වාසියක් වෙන ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය සිදුවන්නෙ නම් ඊට අනුමැතිය ලබා දිය හැකි බවටය. එක් ඇමැතිවරයකු කෙලින්ම කොමිස් මුදල් ඉල්ලා තිබූ අතර , තවත් ඇමැතිවරයකු දුම්රිය නිශ්පාදනයෙන් ඉවත් වන යකඩ හා ඇලුමිනියම් කොටස් ටික ඉල්ලා තිබිණි..තවත් අයෙකු කර්මාන්ත ශාලාවට සේවකයන් සැපයීම ඔහු හරහා විය යුතු බව දන්වා තිබිණි.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට අවසරයක් නොලැබෙන තැනට කටයුතු සිදු වෙමින් තිබෙන නිසා මෙය වියට්නාම් රාජයයට ගෙන යෑමට එම විදේශ ආයොජකයන් මේ වන විට කටයුතු කරමින් තිබේ.

මේ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ මාධය නිවේදනය පහත දක්වා ඇත.

train image 2train image 4train image 5

Last modified on Wednesday, 01 November 2017 14:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us