කෝටි 26 යේ ඇත් රජු මෙන්න ! Featured

Published in පුවත්
Tuesday, 24 October 2017 18:23

රුපියල් කෝටි 26 ක වටිනාකම පෙන්වා මියන්මාරයෙන් ඇතෙකුගෙන්වීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය ඔස්සෙ කළ හෙළිදරව් කිරීමට අදාලව දියවඩන නිලමේ දැල බණ්ඩාර කියන්නේ ඒ අසත්‍ය පුවතක් බවය. ඒ ඇත්තය මන්ද මියන්මාරය මේ ඇත්තු ලබා දී ඇත්තේ නොමිලයේය. 2007 වසරේදී මියන්මාරය ශ්‍රීලංකාවට ඇත්තු 5 දෙනෙකු නොමිලයේම ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී 4 වන ඇතා මෙරටට ලැබිණි. 2007 ජුලී මස 12 වනදා මේ කෝටි 26 ඇතා මෙරටට පැමිණියේය.

දැන් ගැටලුව ඇත්තේ නොමිලයේ ලැබුණු ඇතකු වෙනුවෙන් රුපියල් කෝටි 26 ක වටිනාකමක් පෙන්වා එම මුදල් විදේශ ගත කිරීමට කටයුතු කිරීම ගැනය..ඇත්තු ලැබුණේ පරිත්‍යාග විදිහට බව මියන්මාර් වාර්තා පවා පෙන්වා දෙයි. එසේ නම් මෙලෙස රුපියල්  26,15,92,500 ක බිලක් වැ‍ටුනෙ කෙසේද? එම මුදල් ගෙව්වෙ කවුද ?, මුදල් ලැබුණේ කාටද?, කාගේ ගිණුමක මුදලින්ද ගෙව්වෙ යන්න ගැන සොයා බැලිය යුතුය. වාර්තාවන ලෙස 2014 වසරේදී මේ සම්බන්ධයෙන් විමසුමක් විගනකාධි දෙපාර්තමෙන්තුව සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශ්‍රාමික විනිසුරු නිමල් ඊ දිසානායක ඒක පුද්ගල කමි‍ටුව කියන්නේ මෙහිදී බරපතල විෂමාචාරයක් සිදුව ඇති බවය. මේ ප්‍රලාපයක් විය නොහැක. ඔහු සාක්ෂි සහිතව ඒ පෙන්වා දෙයි. ඔහුගේ වාර්තාව 2016 වසරේදී ලබා දී ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුව ඇති බවද දැන ගන්නට නැත.. ඒ දියවඩන නිලමේගේ අමුතු රාජකීය බලය නිසාද යන්න නොදනිමු.

පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට ගෙනවන ලද ඇතා පිලිගැනීම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කරනුද ලැබීය.

aliya 2aliya 3

Last modified on Tuesday, 24 October 2017 18:58

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us