පාර්ලිමේන්තුවේ සිටින එකම ද්විත්ව පුරවැසියා ගීතා පමණක් බව තහවුරු වේ

Published in පුවත්
Thursday, 24 August 2017 12:46

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසේ භාවය ලබා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පමණක් බව ආගමන විගමන දෙපාර්ථමේන්තුව විසින් තහවුරු කර ඇත.

PAFFREL සංවිධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ කාරණය විමසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කිරීමන් අනතුරුව මෙම තොරතුරු හෙළි කර ඇත. (RTI 009)

ඒ අනුව ආගමන විගමන පාලකවරයා විසින්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කොට ඇත. ඒ අනුව එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයගේ තොරතුරු අන්තර්ගත කොට ඇති පරිඝනක පද්ධතියට ඇතුලත් කොට පරීක්ෂා කර ඇති අතර එයින්ද නොනැවතී පරිඝනක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කල පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කොට ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවයි. එමෙන්ම මෙකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් අප වෙත දන්වා එවා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us