හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම වෙනුවෙන් වූ මාධ්‍ය මෙහෙයුම සඳහා 'නිජබිම' නමින් අලුත් පත්තරයක් ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කරමින් සිටින බව සඳරුවන් සේනාධීර මහතාගේ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත.
පසුගිය ජනපතිවරණයේදී සුපිරි පැලැන්තිය නියෝජනය කරන සහ අන්ත දුගී දුප්පත් පුද්ගලයන් හයදහසකට ආසන්න පිරිසකට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්‌ථාව නොලැබුණු බවත් ඉදිරි මැතිවරණයේදීද ඔවුන්ට ඡන්දය අහිමි වෙනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පරිසර සුරක්ෂිතතාවයෙන් දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ.
රටට විදේශ විනිමය ගෙන එන ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර ගොඩනැගිල්ලේ 22 වන මහළේ දී අද (05) පෙරවරුවේ විවෘත කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු තබාගෙන සිටින බව මහ ලේකම් බැන්කී මූන් මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග පැවැති දුරකතන සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
ලෝකයේ වේගයෙන්ම දියුණු වන සංචාරක නගර අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ අග නගරයවන කොළඹ නගරය පත්ව ඇත.
තැලසීමියා රෝගීන් සුව කිරීම සඳහා ඉතාලි රටේ විශේෂඥ වෛද්‍ය ලොරන්ස් ෆොක්නර් මහතා විසින් සොයාගෙන තිබෙන ඇට මිදුලු ස්ටෙම් සෛල බද්ධ පාරවිලයන ක්‍රමය ලංකාවට හඳුන්වාදීමට වෛද්‍ය ලොරන්ස් ෆොක්නර් මහතා කැමැත්ත පළ කළ බව ලංකා තැලසීමියා කවය සඳහන් කරයි.
ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගමේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ලිට්රෝ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සහ දැරීම මෙම කෘත්‍රිම හිඟයට හේතුව බවයි.