පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි බලවත් බාධකයක්ව පැවැති 20 වන සංශෝධය නොසලකා හැර පාර්ලිමේන්තුව ඉදිරි දින කිහිපයේදී විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි. 20 වන සංශෝධයය සම්මත කිරීම සඳහා ශ්‍රීලනීපයේ රාජපක්ෂවාදී කොටස් දිගින් දිගටම බාධා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කරමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ ‍රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.

දුප්පතා ගැන කැක්කුමක් නැති එජාපය හැමදාමත් සිදු කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඉදිරි කාලය තුළ ලේ වලට වඩා වටිනාකමක් ජලයට ලැබෙනු ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජලය සනීපාරක්ෂාව හා ස්වස්ථාව පිළිබඳ දැනුම බෙදාහැරීම වෙනුවෙන් අද(16) අධ්‍යාපන අමාත්‍යංශයේදී සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යැයි කියමින් පෞද්ගලික අරක්ෂක අංශයක් ගොඩ නැගීම සඳහා රාජපක්ෂ හිතවාදීන් උත්සහ කරමින් ඇත. මේ සඳහා විදේශගත සංවිධාන හා පුද්ගලයන්ගෙන් ආධාර ලැබෙන බව ද දැන ගැනීමට ඇති අතර මෙය ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශයක් වනු ඇතැයි සඳහන්ය. මේ සඳහා රජයෙ අනුමැතිය ඉල්ලීමටද බලාපොරොත්තුවන බව ද වාර්තාවේ.

අමෙරිකානු ජනපති බැරක් ඔබාමා මේ වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා පවසයි.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවේ සැකකරුවන් බවට පත්ව ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙනා අද(16) ඇප මත නිදහස් කරනු ලැබීය.

කොළඹ වරාය නගරය ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රජය බලා‍පොරොත්තු වන බව නීතිපතිවරයා ඊයේ (15) අභියාචනාධිකරණය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර වේදීන්ගේ විරෝධය පළවෙයි.

ld add copy

Connet With Us