වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ධීවර සංවිධාන ඇතුළු සංවිධාන ගණනාවක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට කරන ලද පැමිණිල්ල ඊයේ(09) විභාගයට ගත් අවස්ථාවේදී වරාය ආඥා පනතය පටහැනිව චීන නගර ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දී ඇති බව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පැමිණි වරාය අධිකාරියේ නියෝජිතයින් පිළිගත් අතර මධ්‍යම පරිසර අධිකාරිය, වෙරලේ හෝ ගොඩබිමේ කිසිම තැනකින් වැලි ලබා ගැනීමටත් බලපත්‍ර නොමැති ස්ථානයකින් ගල් ලබා ගැනීමටත් අවසර නොදුන් බව පිළිගන්නා ලදී.

රටේ ජනතාවගේ ජනතා මතය හිස නමා, මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

භාණ්ඩාගාර බැඳූම්කර නිකුතුවක් වංචාකාරී ලෙස මිලදි ගැනීම සම්බන්ධයෙන් වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑනාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට සූදානම් වේ.

සමන්මලීගේ කාන්දම

Published in පුවත්
Tuesday, 10 March 2015 11:10

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලමින් මහනුරවදී පැවැති රැලියට තමන් සහභාගී වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් ජනතාව නියෝජනය කරමින් බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය පවසයි.

වව්නියාවේ මායිම් ගම්මාන වල ජීවත්වූ සිංහල ජනතාව නැවත පදිංචි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ධීවර, ප්‍රවාහන සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් ප්‍රකාශ කර ඇත. වව්නියාවේ පැවති වැඩසටහනකට සහභාගි වී කතා කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියන්ගෙන් සියයට තිහක් පමණ මාධ්‍ය ආයතන තුළදීම ලිංගික හිරිහැරයන්ට ගොදුරු වන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය (IFJ) පවසයි.

අල්ලස්‌ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි විභාග කිරීම කාර්යක්‍ෂම කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සිව් දෙනකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් 53 දෙනකු බඳවා ගැනීමට අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කරමින් සිටියි.

තම පක්ෂයේ කටයුතු සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ‘කාඩ්බෝඩ්’ වංශලාට අවශ්‍ය ආකාරයට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (09) පැවසීය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us