බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත පසුගිය 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේ කාමර අංක 21 හී ප්‍රදර්ශනය කරනු ලැබුවේය.

ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළේ දී අවශ්‍ය ඕනෑම ක්ෂේත‍්‍රයක ආධාර ශ‍්‍රී ලංකාව වෙත නොපැකිලිව ලබාදීමට මහා බි‍්‍රතාන්‍ය සූදානම් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවසීය. 

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (11)දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ නොමැති බව වාර්තා වේ.

නවසීලන්තයේ ප්‍රකට කිරිපිටි නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගම (ඇන්කර්) නිෂ්පාදනය කරන ලදරු කිරිපිටිවල කෘමිනාශක අඩංගු බවට බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. ලෝකයේ විශාලම ළදරු කිරිපිටි ආනයනකරුවා වන්නේ ද මෙම සමාගමයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂ 10ට අඩු තැන්පතු සඳහා15%ක ඉහල පොලියක් ලබාදීම දැන් ආරම්භ කර ඇත. ඉකුත් අතුරු අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් වන මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන වරප‍්‍රසාදයක් බව කොළඹ ඊයේ (10) පැවැත්වු මාධ්‍ය හමුවක දී ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඞී.එම් ගුණසේකර කියා සිටියේය. වයස අවුරුදු 60 ඉක්මවු සියලූ තැනැත්තන් මෙහිද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සලකන බවද ඔහු කියා සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමරණ කොමිසමට ලැබී තිබෙන පැමිණිලි කන්දරාව සම්බන්ධයෙන් මූලික විමර්ශන නිම කිරීම සඳහා තව වසර දෙක තුනක්වත් ගත වනු ඇතැයි කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.

සිවිල් වැසියන්ට සිදුවන හානිය නොතකා බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස කරන ලද ඉල්ලීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ 'සමබරතාවය බිඳ වැටුණු' බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු නොවන්නේ නම්, තම පක්ෂයට සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (10) රාත‍්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ වැඩසටහනටකදී ප්‍රශ්න කළේය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us