නීති විරෝධී ආණ්ඩුවක නියෝග ක්‍රියාත්මක කළොත් රාජ්‍ය නිළධාරීන්ට දඬුවම්. Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 20:16

ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පත් කළ ආණ්ඩුවේ වලංගු භාවය අද දින (14) පාර්ලිමේන්තුව හමුවේ නීත්‍යානුකූලව අහෝසි කිරීමත් සමඟ හොර අගමැති මහින්ද රාජපක්ෂගෙ හා එම හොර ඇමැති මණ්ඩලයේ නියොග වලට යටත්ව ක්‍රියාකරන සියළුම රාජ්‍ය පරිපාලන නිළධාරීන් හ සේවකයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සිදු කෙරෙන බව එජාප ජේෂ්ඨ ඇමැතිවරයකු පැවැසීය.

කතානායකවරයා මීට පෙර නිකුත් කළ නිවේදනයකින්ද නීති විරෝධී නියෝගයන්ට අනුව කටයුතු නොකරන ලෙස රජ්‍ය නිලධාරීන්ගෙන්, ආරක්ෂක අංශ සහ පොලිසියට දැනුම් දී තිබිණි. එමෙන්ම මංගල සමරවීර මහතාද මේ බව අවධාරණය කර තිබිණි.

පාර්ලිමේන්තුවේ අද සම්මත වූ විශ්වාසභංග යෝජනාව පරිදි මේ වන විට බල පැවැත්විය යුතුව ඇත්තේ ඔක්තොබර් 26 දිනට පෙර පැවැති ආණ්ඩුවයි. ජනාධිපතිවරයා එම ආණ්ඩුව යළි පිළිගැනිමට ලක් කිරීම හෝ යළි පාර්ලිමේන්තුවේ විශ්වාසය උරගා බලා නව අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් පත් කළ යුතුව තිබේ. එතෙක් රාජ්‍ය නිළධාරීන්ට කිසිදු ආකරයකින් ජනාධිපතිවරයා, කතානායකවරයා, අධිකරණයේ නියෝග පමණක් පිලි පැදීමට සිදුවෙනු ඇත. ඉන් බාහිරව දේශපාලනඥයන්ගේ නියෝග පිළිපැදීම නීති විරෝධී වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us