රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

රටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පලපුරුද්දක් තිබිය යුතු බවත් ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

මේ රට විනාශවීම සම්බන්ධයෙන් මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයත් වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත  පවසයි.

ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි - අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් බවයි.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය.

ld add copy

Latest News

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකු...

Connet With Us