විදුහල්පති සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සති 2කින් නිකුත්වෙයි

Published in පුවත්
Friday, 23 January 2026 10:06

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින දැඩි පුරප්පාඩු ගැටලුව විසඳීමට ඉදිරි සති 2ක කාලය ඇතුළත නව බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

පවතින පුරප්පාඩු සහ විශ්‍රාම ගැන්වීම් වාර්තා වී ඇති දත්ත අනුව, 2023 දෙසැම්බර් 31 දින වන විට විදුහල්පති සේවයේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාව 3,151ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විධිමත් උසස්වීම් ක්‍රමයක් යටතේ බඳවා ගැනීමේ මෙම කටයුතු සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි උපුල් කිත්සිරි මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුහල්පති සේවයේ පවතින ගැටලු, විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී පවතින වයස් සීමා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රශ්නය යොමුකරමින් උපුල් කිත්සිරි මහතා අවධානය යොමු කළේය.

බොහෝ පිරිසක් 3 වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන් ලෙස සේවයට එක් වන විට වයස අවුරුදු 45 – 50 සීමාවේ පසු වන බැවින්, ඔවුන්ට පළමු ශ්‍රේණිය දක්වා උසස්වීම් ලැබීමට ඇති කාලය සීමිත බවත් එබැවින් තරුණ පිරිස් වැඩි වශයෙන් සේවයට බඳවා ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් ඒ මහතා පැවසීය.

ගුරුවරුන් ලෙස පළමු ශ්‍රේණියේ සිටින නිලධාරීන් විදුහල්පති 3 වැනි ශ්‍රේණියට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“ඉදිරි විසඳුම් අධ්‍යාපන සේවයට අදාළ බඳවා ගැනීම්, උසස් කිරීම් සහ අනෙකුත් නිර්දේශ නිකුත් කිරීම සඳහා Òඅධ්‍යාපන කවුන්සිලයක්Ó (Education Council) පිහිටුවීමට යෝජනා වී ඇත. එය ඉදිරියේදී බලාත්මක කිරීමට නියමිතය.

එසේම, විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර තිබේ. එම යෝජනා ඉදිරියේදී පිහිටුවීමට නියමිත පොදු වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර සාධාරණ විසඳුමක් ලබා දීමට රජය අපේක්ෂා කරනවා“ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us