ජනතාව පීඩාවට පත් වන සමාජ මාධ්‍ය ප්‍රචාරණ නියාමනයට නීති

Published in පුවත්
Friday, 23 January 2026 10:13

ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම, පවතින නීතිය යටතේ සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මප්‍රිය දිසානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත්, ඒවා සම්පාදනය කිරීමෙන් මෙවැනි තත්වයන් පාලනය කළ හැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“සමාජ මාධ්‍ය ඔස්සේ ආයුර්වේද නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමක් නිරීක්ෂණය වී තිබෙනවා. මෙම ප්‍රචාරණය මඟින් මහජනතාවගේ මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී නැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන දැන්වීම් සම්බන්ධයෙන් යම්කිසි පැමිණිල්ලක් ලැබුණු පසු නිෂ්පාදන නියාමන සභාව විසින් ස්ථාපිත විමර්ශන කමිටු හරහා සුදුසු විමර්ශන සිදු කරනවා.“

පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මප්‍රිය දිසානායක මහතා,

“මෙම ප්‍රචාරණය සිදු වන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබතුමා ඊට පිළිතුරු දුන්නා. විකෘති සමාජ මාධ්‍ය ජාල හරහා සිදු කරන දැන්වීම්වලින් බොහෝ විට ජනතාව පීඩාවට පත් වෙනවා. ඒ වගේම ඇතැම් ද්‍රව්‍ය ඖෂධ ලෙස අලෙවි කරනවා. මේවා පරිහරණයේදී ජනතාව අපහසුවට පත් වෙනවා. සමාජය තුළ මේ තත්වය ලොකු කතාවක්.“

ඇමැතිවරයා,

“ආයුර්වේද නිෂ්පාදන හා ඒ ආශ්‍රිතව සිදු කරන ප්‍රතිකාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල කරනු ලබන ප්‍රචාරණය නියාමනය හෝ ඒවා වෙනුවෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

නමුත් මම පිළිගන්නවා සමාජ මාධ්‍ය නියාමනය සඳහා ඒ කියන්නේ ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනයට අවශ්‍ය කරන නීතියක් තවමත් අපේ රටේ නැහැ. ඒ නීති සම්පාදනය කළ යුතුයි. එහෙම වුණොත් තමයි බොහෝ දේවල් ආවරණය කරගත හැක්කේ. පැමිණිලි ලැබුණොත් දැනට පවතින නීතියෙන් වුණත් අවශ්‍ය කටයුතු කරනවා.“

‘1818’ දුරකතන අංකය හරහා තොරතුරු 4,500ක් ලැබී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දෙන දූෂිත පොලිස් නිලධාරීන් 400ක් සේවයෙන් ඉවත් කර ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us