දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුවියන්ට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනු ලබනවා.

සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා ඇත.

සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා .

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතුව, මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසයි.

රටේ නිෂ්පාදනය වන පොල් ප්‍රමාණය සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් නොවීම නිසා කෘතිම ලෙස පොල් හිඟයක් මවා ඉදිරි දිනවලදී පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (19) දිනයේ උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

ld add copy

Latest News

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකු...

Connet With Us