විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා අද අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව අඩංගු කැබිනට් පත්‍රිකාව බහුතරයක් ඇමැතිවරුන්ගේ විරෝධ හමුවේ ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේත් අගමැති රනිල් වික්‍රමසිංගෙත් එකඟතාවය මත ජනමත විචාරණයකට යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි අද හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම කැ‍ඳෙව්වේ ඒ වෙනුවෙන් බවද දැන ගැනීමට තිබේ.

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේමැයි කියමින් එජපෙ ජනාධිපති අපේක්ෂකයා වීමේ ආසාවෙන් ඒ සඳහා වෙහෙසෙන කරු ජයසූරියට තමන්ගේ ඇති වුවමනාව අවංක නම් ඒ වෙනුවෙන් කළ හැකි හොඳම දේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජවිපෙ නායක අනුර දිසානායකට සහය වීම බව ජවිපෙ පෙන්වා දෙයි. එසේම මේවන විටත් කරූ ජයසූරිය මහතාට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර ඇතැයිද ජවිපෙ ආරංචි මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේ එජාපෙ අපෙක්ෂකයා ලෙස කරූ ජයසූරියව් ඉදිරිපත් කිරීම සඳහා රනිල් - රාජිත - රවී, රයනු ත්‍රිත්වය දැඩි උත්සාහයක් ගත්තද එය ලත් තැනම ලොප් වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජනය සහිතව බිහිවන නව සන්ධානයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් නියත ලෙසම ඉදිරිපත්වන බව අද (16) දින ලිඛිතව එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න කලින් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස ඇල්පිටියේ එජාප ප්‍රාදේශීය නායකයන් සහ ක්‍රියාකාරිකයන් එජාප ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කළ බව එම පිරිස් පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් 106 දෙනාගේ ඡන්දයෙන් තොරා පත් කර ගැනීම කඩිනමින් කළ යුතු බව ඇමැති පාඨලී චම්පික රණවක අද මාධ්‍ය හමුවකදී පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට ඇමැති රවී කරුණානායක සහ ඇමැති රාජිත සේනාරත්න දැඩි වෙහෙසක් ගනිමින් සිටී.. මේ අනුව රාජිත සේනාරත්න පසුගියදා එජාප නායකත්වයට පොරොන්දු වී තිබුණේ කරු ජයසූරියව අවස්ථාව ලබා දෙන්නෙ නම් ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමට තමාට හැකි බවය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us