එක්සත් ජාතික පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ඊයේ(24) පෙරවරුවේ එළිදැක්වින.
'මාස හැටකින් අලුත් රටක් සඳහා පංචවිධ ක්‍රියාවලිය'නම් ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ මෙම උත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය හා අධ්‍යාපනය ඉහල නැංවීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පෙරමුණ තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් හඳුන්වාදෙන පංච විධ ක්‍රියාවලියයි.
මහබැංකු භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට පත්කළ ‘කොප් කමිටුව’ නිකුත්කළ නිසි වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන්නැයි එම කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට අභියෝග කරන බව හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ (23) කොළඹ දිසා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.
සිය පක්ෂ අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයුතු සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පරිහරණය කරනු ලබන නිල වාහන දෙකට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂදෙකක් පසුගියදා ගෙවා ඇති බව සඳහන් වේ.
ලිංගික ශ්‍රමිකයන්ට වධදීම ගැන පාර්ලිමේන්තුවේ හඬක් නැතිවීම කනගාටුයි
වෙනත් අයගේ මෙහෙයවීමෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වූවන් පොලිස් අත්අඩංගුවට පත් වීමේදී ඔවුනට සිදුවන හිරිහැර වධ හිංසාවන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ හඬක් නැඟීමට කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකැයි නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පැවැසීය.
රාජ්‍ය සේවක අවම වැටුප දවසෙන් දවස ඉහළ යයි, දැන් 35,000ක ලන්සුවක්
යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග සංවිධාන කිහිපයක් අද (23දා) පෙරවරුවේදී අවබෝධතා ගිවිසුමකට එළැඹියේය.
''මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න'' යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට අද(23) සහභාගී වෙමිනි.