මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී , කිලෝග්‍රෑමයක් රුපියල් 50 ට මිලදී ගැනීමට නියමිතයි.

දිස්ත්‍රික්ක 15කට අයත් වනාන්තර 69ක් රක්ෂිත වනාන්තර බවට පත් කිරීම සදහා විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක අද ගැසට් පත්‍රයකට අත්සන් තබා තිබෙනවා. අත්සන් තැබූ ගැසට් පත්‍රය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වෙත පිළිගැන්වූ බවයි වාර්තා වෙන්නේ

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කොවිඩ් මෘතදේහ ගැටලුව පිළිබදව තමා පිළිගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

දෙසැම්බර් 2වැනිදා තමා වැඩ බාරගත් දින සිට මේ වන තෙක් සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක්
නිදහස් කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

COVAX පහසුකම හරහා එන්නත් ලබා දීමේදී COVID-19 එන්නත් නිෂ්පාදකයින් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව රජය පවසයි.

සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (4 දා) සවස පොලිසියට සිරුර හමුවී ඇත.

2020 සිව්වන කාර්තුවේ ප‍්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2020 වසර තුළදී සියයට 3.9 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුළත විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us