www.elections.gov.lk වෙබ්අඩවියට පිවිස පරික්ෂා කිරිමෙන් නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින් හදුනාගත හැකිය.
එමගින් යම් පුද්ගලයෙකුගේ නම එහි සඳහන් වී නොමැති නම් ප්රදේශයේ ග්රාම නිළධාරිවරයා මාර්ගයෙන් හෝ 0112 860031, 0112 860032 හා 0112 860034 යන දුරකථන අංක ඔස්සේ ද ඒ පිළිබඳ විමසීම් සිදුකර ලබන 19 වනදා ට පෙර ඒ සම්බන්ධයෙන් ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනිම සඳහා ඉල්ලීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.