මහජන ගැටලු විසඳීම සඳහා ග්‍රාම නිලධාරී වසම් දාහතරදහස් විසිදෙකම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකකය බැගින් ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයාව මේ වනවිට නිසැකවම අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේනවා.

අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.

මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී අභියෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමේ තීරණය ලබන වසර දක්වා කල් දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

හෙද සේවයේ සියලුම ශ්‍රේණීන්ට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ld add copy

Connet With Us