ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග තම නිවසේ කුමන්ත්‍රණකාරී සාකච්ඡාවට තුනක් පැවැත්වූ බව අනාවරණය කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වීමත් සමඟ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති උල්ලංඝනය කරමින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර අවලංගු කරන මෙන් උතුර පළාත් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

හිටපු ජනාධිපතිවරයා මේ දිනවල නා ගස්, නුග ගස් තිබෙන වෙහෙර විහාර සෙවීම සඳහා කණ්ඩායමක් පත් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපතිවරයාට මේවන විට ඇතිවී තිබෙන නරක දසාව නිසා ඒ සමනය කර ගැනීමට බෝධී පූජා පැවැත්වියයුතු බවට ලැබී තිබෙන ජෝතිෂ්‍ය උපදෙස් අනුව එම බෝධි පූජා පැවැත්විය යුතුව ඇත්තේ නා ගස්, නුග ගස් ඇති විහාරස්ථාන වලය.

ජිනීවා නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ක්ෂණිකා සෙනෙවිරත්නට එල්ලවී තිබූ චෝදනා සියල්ල පිළිගත නොහැකි බව සනාථවී ඇති නිසා ඇය තායිලන්තයේ තානාපති ලෙස පත් කිරීමට තීරණය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද (17) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පවසා තිබේ.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයන් හා පොලිස්පතිතුමා අතර පසුගිය දිනක පැවැති සාකච්ජාවකදි කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කරගනිමින් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතා ඊයේ සිට එය ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇත.

අද(17) සිට ලබන 20 වන දින දක්වා විදේශ ඇමති මංගල සමරවීර මහතා ජපානයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ (17)පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

ඉන්දියාව හා ලංකාව අතර බස් දුම්රිය සේවාවක් ඇති කිරීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව ඉන්දීය මධ්‍යම රජයේ මහාමාර්ග අමාත්‍ය නිට්ටික් කට්කාරි මහතා පවසා ඇත.

ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත රංගධරයා, කලාකරුවා, අපූර්ව මිනිසා ජීවිතය අත්හරින්නේ අත්හළ නොහැකි සදාතනික මතක සැමරුම් සම්භාරයක් උපන් බිමට තිළිණ කරමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

worky

worky1

ld add copy

Latest News

Connet With Us