යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විත්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවන් 09 දෙනා වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දෙන ලෙසට යාපනය උර්කාවතුරෙයි මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා ඊයේ (15) නියෝග කෙළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අබයගුණවර්ධනගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (15) පැය අටක්‌ ප්‍රශ්න කර ඇත.

ලියාපදිංචි නොවු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වැටලීමට ජාතික ඖෂධ අධිකාරිය දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් පසුවන බව අැමරිකාව පවසයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම මහමැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන බවට රාජපක්ෂවාදීන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරයි.

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අද(16) උදෑසන අභාවප්‍රාප්ත වි තිබේ.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(15) සවස අරලිය ගහමැදුරේදි පැවැත්විනි. වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර මෙහිදී මාධ්‍ය සංගමය විසින් ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන බව අගමැතිවරයා පොරොන්දු වූ අතර ඇතැම් කාරණාවන් සඳහා විසදුම් යෝජනා කරන ලෙස සංගමය වෙත දැන්වීය.

worky

worky1

ld add copy

Connet With Us